Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket II වන කොටසේ අවසන් පූර්ව තරග 2 ක් අද

II වන කොටසේ අවසන් පූර්ව තරග 2 ක් අද

ශානුක අරවින්ද - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ II වන කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විදුහල, කළුතර සිරිකුරුස විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්ව තිබේ. මෙම කණ්ඩායම් අතර අවසන් පූර්ව තරග හෙට (26 වැනිදා) පැවැත්වේ.

මෙම තරග වලදී ජය ලබන කණ්ඩායම් අතර අවසන් මහ තරගය අප්‍රේල් මස 30 වැනිදා මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කටයුතු යොදා ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රී සුමංගල විදුහල විසින් පිළියන්දල මැදි විදුහලද, සිරිකුරුස විදුහල විසින් කැලණිය ධර්මාලෝක විදුහලද, ශාන්ත ජෝන් විදුහල විසින් පාදුක්ක සිරි පියරතන විදුහලද, ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් මාතර රාහුල විදුහලද පරාජය කරනු ලැබිණ.  

හෙට පැවැත්වෙන අවසන් පූර්ව තරග

  • ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව සිරිකුරුස විදුහල කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී
  • ශාන්ත ජෝන් විදුහලට එරෙහිව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

II වන කොටසේ අවසන් පූර්ව තරග 2 ක් අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.