Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ ශාන්ත ජෝශප් විදුහල අතර ශාන්ත ජෝශප් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 62 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත ජෝශප් විදුහලේ දිනෙත් ජයකොඩි (101) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම මිරංග වික්‍රමගේ ලකුණු 62 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ලකුණු 45 කට කඩුලු 5 ක්ද දවාගත්තේය.
වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 53.2 කදී සියලු දෙනා දැවී 117
(ටිල්ෂාන් සේනානායක 47, දුනිත් වෙල්ලාලගේ 45/5, මිරංග වික්‍රමගේ 25/3)
ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 4 ක් දැවී 309
(දිනෙත් ජයකොඩි 101, ජොහාන් ද සිල්වා 79, දුනිත් වෙල්ලාලගේ නොදැවී 72, සෙමිල ලියනගේ 59/2)
වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 130
(දෙනුවන් මෙන්ඩිස් 60, සෙමිල ලියනගේ 26, මිරංග වික්‍රමගේ 62/7, සාලින්ද සෙනෙවිරත්න 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.