Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ‘ජිම්පෝ’ 4 x 4 තරග 10 දා ඇඹ්ලිපිටියේදී

‘ජිම්පෝ’ 4 x 4 තරග 10 දා ඇඹ්ලිපිටියේදී

Nisanka Sandeepani - 2017 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය සහ  ශ්‍රී ලංකා ධාවන පැදිකරුවන්ගේ සංගමය එක්ව හත්වන වරට සංවිධානය කරන 4 x 4 ශුරතාව සහ යතුරුපැද තරගාවලිය ඇඹ්ලිපිටිය තුංකමදී මේ මස 10 වැනි දින පැවැත්වේ.

‘ජිම්පෝ’ ශූරතාව ලෙස හැදින්වෙන මෙම තරගාවලිය 2011 වසරේ ආරම්භ කළේය.

මෙම තරගාවලියේ 4 x 4 ස්ටෑන්ඩඞ් සහ නවීකරණය කරන ලද ලෙස කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වෙන අතර එම තරගාවලිවලට ක්‍රීඩකයන් 20 ක් පමණ සහභාගි වීමට නියමිතය.

දේශීය සහ විදේශීය රියදුරන් සහකයන් 16 ක් පමණ තරග කරන එක්ස්ටී්‍රම් පංතියේ තරගය එන්ජින් ධාරිතාව 3000 ට අඩු සහ 3000 වැඩි යන කාණ්ඩ දෙකෙන් පැවැත්වේ. 

යතුරුපැදි තරගාවලියේ කුඩා ළමයින්ගේ, ස්ටෑන්ඩර්ඞ් සහ රේසින් යන අංශ යටතේ ඉසව් 12 කට ක්‍රීඩකයන් 150 ක් පමණ සහභාගි වීමට නියමිත බව සංවිධාකයෝ පවසති.   

ඇඹ්ලිපිටිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසල තුළ ස්වාභාවික බාධක යොදා ඉදිරිකර ඇති ධාවන පථයේ මෙම තරගාවලිය පැවැත්වේ.

එකම ධාවන පථය තුළ ජලය සහිත අගල් සහ පටු තීරු සහිත වීම මෙහි විශේෂත්වය බවට පත්ව තිබේ. කොම්පැක්ට් 200 එක්ස්ට්‍රා පාලම් මතින් දිවෙන අංක 8 හැඩය ඔස්සේ දිවෙන ද්විත්ව මංතීරුවලින් ද මෙම ධාවන පථයයේ සමන්විත වේ.

මෙම ධාවන පථය සම්පූර්ණයෙන්ම දිස්වන ආකාරයට නරඹන්නන් 15000 කට පමණ තරගය නැරඹිය හැකි බව යුද හමුදා ඉන්ජිනේරු බලකාය පවසයි.  
  

 


අදහස් (0)

‘ජිම්පෝ’ 4 x 4 තරග 10 දා ඇඹ්ලිපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.