Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ෆීජී ක්‍රීඩකයෝ ජෝර්ජියාව පරදවති

ෆීජී ක්‍රීඩකයෝ ජෝර්ජියාව පරදවති

editorial - 2019 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



ෆීජි ක්‍රීඩකයෝ මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේදී පළමු වරට සිය සුපුරුදු දස්කම්වලට පැමිණෙමින් ලකුණු 45-10 කින් ජෝර්ජියාව පරාජය කිරීමට අද (03) සමත් වූහ.

පළමු වටයේ ‘ඩී’ කාණ්ඩය යටතේ ඔකාසාහිදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණයත් සමඟ ෆීජි පිල එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණියේය.

මෙම තරගයේදී ෆීජි පිල අතිරේක ප්‍රසාද ලකුණ ලබාගැනීමට සමත් විය. ඒ අනුව ෆීජි මේ වන විට තරග තුනකදී තරගයක් පමණක් ජය ලබා ප්‍රසාද ලකුණු 7 ක් හිමිකරගනෙ සිටියි.

ෆීජි පිල දෙවැනි තරගයේදී උරුගුවේ හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජයෙන් අවිනිෂ්චිත තත්ත්වයකට පත්විය. ඕස්ට්‍රේලියාව සහ උරුගුවේ හමුවේ ලැබූ පරාජයත් සමඟ ලෝක රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායමක් වන ෆීජි අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට දැඩි සටනක නිරතව සිටියි.  

වේල්සය සහභාගි වූ තරග දෙකම ජය ලබා ප්‍රසාද ලකුණු 9 ක් හිමිකරගනිමින් ‘ඩී’ කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටියි.

ඕස්ට්‍රේලියාව තරග දෙකෙන් එකක් ජය ලබා ප්‍රසාද ලකුණු 6 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, ජෝර්ජියාව තරග තුනෙන් තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 5 ක් ද, උරුගුවේ තරග දෙකෙන් තරගයක් ජය ලබා ප්‍රසාද ලකුණු 4 ක් ද, ලබා ‘ඩී’ කාණ්ඩයේ පිළිවෙළින් තෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා රැදී සිටියි.

ජයග්‍රාහි ෆීජි පිල ගෝල පහකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු 45 රැස් කළේය. ජෝර්ජියාවට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

පළමු අර්ධය අවසන් වන විට ෆීජි පිල ලකුණු 7-3 ක් ලෙස ලකුණු 4 කින් පමණක් ඉදිරියෙන් සිටිය ද දෙවැනි අර්ධයේදී තවත් ගෝල හතරකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 38 ක් රැස්කළේය.

 

- 048


අදහස් (0)

ෆීජී ක්‍රීඩකයෝ ජෝර්ජියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.