Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැව්ලොක්ස් පැරණි කීර්තිය සොයා යයි

හැව්ලොක්ස් පැරණි කීර්තිය සොයා යයි

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හැව්ලොක්ස් රග්බි සමාජය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා සමාජ අතරින් පැරණිතම එකකි. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමට ක්‍රීඩකයන් 150 කට අධික සංඛ්‍යාවක් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයෙන් දායාදකර තිබේ.

වසර 1915 දී ආරම්භ කර ඇති හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කීර්තිමක් නායකයන් 20 කට අධික සංඛ්‍යවක් බිහිකර දී තිබේ. ඒ අතරින් ජේ. රොඞ්ද්‍රික්, ඇන්ටන් බෙනඩික්, ඩෑන් රත්නම්, ඇන්ජලෝ වික්‍රමරත්න, හිෂාම් ආබ්ඩීන් සහ සංජීව ජයසිංහ කැපී පෙනෙති.

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 60 සහ 70 දශකවල ශ්‍රී ලංකා අන්තර් සමාජ රග්බි පිටියේ ආධිපත්‍ය නතුකරගෙන සිටි අතර අවසන් වරට 2012 වසරේ ලීග් ශූරයන් බවට පත්විය. නමගිය රාජ්‍ය නිලධාරියකු වන රුමේෂ් අබේවික්‍රම මහතා හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ලෙස කටයුතු කරයි.  

මෙවර අන්තර් සමාජ රග්බි තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්ව සිටින හැව්ලොක්ස් පිල මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ පස්වැනි සති අන්තය වන තෙක්ම සිය අපරාජිත  වාර්තාව රඳවාගත්තේය. පසුගිය වසරවලදී මෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ නමගිය ක්‍රීඩකයන් නැත. එසේ වුවද හැව්ලොක්ස් පිලේ පුහුණුකරු සනත් මාටිස් මහතා සිය අත්දැකීම් මනාව ප්‍රයෝජනයට ගනිමින් ජ්‍යෙෂ්ඨ සහ තරුණ ක්‍රීඩකයන් මනාව කළමනාකරණය කරමින් විශාල ශක්තියක් නිර්මාණය කරගෙන තිබේ.

හැව්ලොක්ස් පිලේ ඉදිරි පෙළ ක්‍රීඩකයන් අට දෙනාගෙන් ප්‍රොප් ක්‍රීඩකයන් ලෙස 32 හැවිදිරි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ ලිස්ටන් ෆලැන්ටි ක්‍රීඩා කිරීම කැපී පෙනේ. ඒ අතරට හුකර් ක්‍රීඩකයා ලෙස නව යොවුන් වියේ පසු වන 21 හැවිරිදි අමීර් ෆාජුඩීන් ක්‍රීඩා කරයි.

ජාතික කණ්ඩායම නියෝජනය කළ වඩාත් වේගවත් සහ ශක්තිසම්පන්න ක්‍රීඩකයකු වන 29 හැවිරිදි ශාරෝ ප්‍රනාන්දු, සෙකන්ඞ් රෝ ස්ථානයේ ක්‍රීඩා කිරීම වඩාත් වැදගත් වී තිබේ. නායක නිරෝෂන් ප්‍රනාන්දු, ෆ්ලයි හාෆ් ස්ථානයේ ද, වින්ගර් ස්ථානයේ චාමර දාබරේ සහ සඳුන් හේරත් සැළැස්ම සහ වේගය මුසුකිරීමෙන් හැව්ලොක්ස් පිලට සාර්ථක ගමනක් යෑමේ අවස්ථාව උදාවී තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයෙක් වන රීසා මුබාරක්, ෆුල් බැක් ස්ථානයේ වගකීම වඩාත් සාර්ථකව ඉටු කරන ක්‍රීඩකයෙකි. රීසා ජාතික කණ්ඩායමේ ද ප්‍රවර්ථකයකු වශයෙන් සාර්ථක වූ ක්‍රීඩකයෙකි.
 ඉතාමත්ම තරුණ ක්‍රීඩකයකු වන රහල් දෙල්පචිත්‍ර වෙහෙසට පත්වන ජ්‍යෙෂ්ඨ ප්‍රොප් ක්‍රීඩකයා වෙනුවට ආදේශ වූ වාහාම හැව්ලොක්ස් පිලේ ශක්තිය තව දුරටත් රඳා පවතී.

හැව්ලොක්ස් පිලේ අතිරේක ලැයිස්තුවේ චානක බණ්ඩාර සහ මිතුන් හපුගොඩ වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම චානක බණ්ඩාර, සංදේෂ් ජයවික්‍රම සහ ප්‍රින්ස් චාමර වැනි ක්‍රීඩකයන් අසුන්ගෙන සිටීම නිසා නිරන්තරයෙන් කණ්ඩායම තුළ ශක්තිය සමබරව පවත්වාගැනීමේ හැකියාව ලැබී තිබේ.  


හැව්ලොක්ස් සංචිතය:
නිරෝෂන් ප්‍රනාන්දු (නායක), සෙනාල් දීලක (උප නායක), ගවිඳු වීරසිංහ, ශාරෝ ප්‍රනාන්දු, ලෝචන ගිරිහාගම, ඕසියන් සිල්වා, ඉරංග ආරියපාල, රීසා මුබාරක්, අසිත ගයාෂාන්, සානක කුමාර, ලිස්ටන් ෆලැන්ටි, මොහොමඞ් සෂාන්, සංදේෂ් ජයවික්‍රම, රමේෂ් රුක්මාල්, ධනුෂ්ක පුෂ්පකුමාර, ප්‍රින්ස් චාමර, ගෙවින් පෙරේරා, විමුක්ති රාහුල, තනුජ ජයවීර, චාමික සමරතුංග, ශයන් සබාර්, මිතුන් හපුගොඩ, සිතුම් පීරිස්, සඳුන් හේරත්, ඩිලංක පෙරේරා, දුෂ්මන්ත ප්‍රියදර්ශන, මොහොමඞ් ෆාජුඩීන්, ශව්කට් ලාහිර්, තීක්‍ෂණ හේෂාන්, රහල් දෙල්පචිත්‍ර, උමේෂ් මදුෂාන්, චානක බණ්ඩාර, ලසිඳු කරුණාතිලක, ක්‍රිස්ටියන් ජොෂූවා,   චාමර දාබරේ 

 


අදහස් (0)

හැව්ලොක්ස් පැරණි කීර්තිය සොයා යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.