Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හැමිල්ටන් පෙරමුණ රැකගනී

හැමිල්ටන් පෙරමුණ රැකගනී

editorial - 2020 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

එංගලන්තයේ සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී  පැවැති බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරගයේ පළමු අදියර ජයගත් මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් සිය මුලු ලකුණු සංඛ්‍යාව 88 ක් ලෙස ඉදිරියට ගෙන යමින් ෆෝමියුලා - I රියැදුරන් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණට රැකගැනීමට සමත් විය.

මෙම වසර (2020) සඳහා පැවැත්වෙන ෆෝමියුලා - I තරග මාලාවේ සිවුවැනි තරගය මෙයයි. වට 52 කින් සමන්විත වූ සමස්ත තරගය නිමා කිරීම සඳහා හැමිල්ටන්ට ගතවූ කාලය පැය 1 යි, විනාඩි 28 යි, තත්පර 01.283 කි.

සුදුසුකම් ලැබීමේ අදියරේ එක් වටයක් නිමා කිරීම සඳහා විනාඩි 1 යි, තත්පර 24.303 ක කාලයක් වාර්තා කරමින් සිල්වර්ස්ටෝන් ගෝන් ප්‍රී තරගයේ ඉදිරිපෙළ ආරම්භක ස්ථානය හිමිකරගත් හැමිල්ටන් තරගය තුළදී වටයක් නිමා කිරීමට සඳහා වැය කළ අවම කාලය විනාඩි 1 යි තත්පර 27.097 කි.

කරට කර තරගයනික් පසුව හැමිල්ටන්ට වඩා තත්පර 5.856 ක් පසුපසින් තරගය නිමා කළ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් එහි දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. ඒ අනුව වර්ස්ටපෙන්ට ලකුණු 19 ක් හිමිවූ අතර තරග 4 කින් අනතුරුව මුලු ලකුණු 52 ක් ලබා සිටින ඔහු ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටියි.

ෆෙරාරි කණ්ඩායමේ චාස්ල් ලෙස්ලර්ක් සහ රෙනෝල්ට් කණ්ඩායමේ ඩැනියෙල් රිකාඩෝ තරගයේ තෙවැනි සහ සිවුවැනි ස්ථානවලට පත්වූයේ හැමිල්ටන්ට වඩා තත්පර 18.474 ක් සහ 19.650 ක් පසුපසින් තරගය නිමා කරමිනි. ඔවුන් දෙදෙනාට පිළිවෙලින් ලකුණු 15 ක් සහ 12 ක් බැගින් හිමිවිය.

මෙම තරගයේ 11 වැනි ස්ථානයට පත්වුවද, මින් පෙර පැවැති තරගවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් මුලු ලකුණු 58 ක් ලබා සිටින මර්සිඩීස් කණ්ඩායමේ වෙල්ටරි බොටාස් තවදුරටත් රියැදුරන් ශ්‍රේණිගත කිරීම් අතරේ දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටියි.

හැමිල්ටන් සහ බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම මේ වන විට ලකුණු 146 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගෙන සිටියි. රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම ලකුණු 78 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර මැක්ලරන් රෙනෝල්ට් කණ්ඩායම ලකුණු 51 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.


සිල්වර්ස්ටෝන් තරග ප්‍රතිඵල

1 ලුවිස් හැමිල්ටන් (මර්සිඩීස්) - පැය 1:28:01.283  
2 මැක්ස් වර්ස්ටපෙන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:28:07.139
3 චාස්ල් ලෙස්ලර්ක් (ෆෙරාරි) - පැය 1:28:19.757
4 ඩැනියෙල් රිකාඩෝ (රෙනෝල්ට්) - පැය 1:28:20.933
5 ලැන්ඩෝ නොරිස් (මැක්ලරන් රෙනෝල්ට්) - පැය 1:28:23.56  
6 එස්ටබන් ඕකන් (රෙනෝල්ට්) - පැය 1:28:28.22  
7 පෙයිරී ගැස්ලි (ඇල්ෆා හොණ්ඩා) - පැය 1:28:32.471
8 ඇලෙක්සැන්ඩර් ඕල්බන් (රෙඞ්බුල් රේසිං හොණ්ඩා) - පැය 1:28:33.953
9 ලාන්ස් ස්ට්‍රෝල් (රේසිං පොයින්ට් මර්සිඩීස්) - පැය 1:28:38.594
10 සෙබස්තියන් වෙට්ල් (ෆෙරාරි) - පැය 1:28:43.14

-036

 


අදහස් (0)

හැමිල්ටන් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.