Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හතුරුසිංහ ඉවත් කරයි

හතුරුසිංහ ඉවත් කරයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තාවකාලික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා පත්කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ හතුරුසිංහ මහතා අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම මෙම තීරණයට හේතු වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේදී පසුගියදා අවසන් වූ බංග්ලාදේශයට එරෙහිව තරගාවලියෙන් පසුව හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට නියමිතව තිබුණ ද ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රිකට් නිලධාරීන් අතර එකඟතාවක් අනුව ඒ මහතා නවසීලන්ත සංචාරයට ද රඳවාගැනීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවුසවේ හතුරුසිංහ මහතාගේ සේවය අවසන් කිරීමට තීරණය කළ බවයි.

“හතුරුසිංහ ඕනවට වඩා වැඩියි. ඔහුව තව දුරටත් තියාගන්නේ නෑ” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්වය මත කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ගේ සේවය අවසන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම්දී තිබුණි


අදහස් (1)

හතුරුසිංහ ඉවත් කරයි
  • yaha Tuesday, 06 August 2019 02:54 AM

    දැන් ඉතින් අයින් උනාට කමක් නෑ ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.