Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හතුරුසිංහ ඇතුළු පිරිස තව දුරටත් රඳවාගනී

හතුරුසිංහ ඇතුළු පිරිස තව දුරටත් රඳවාගනී

යොහාන් භාසුර - 2019 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු පුහුණුකරුවන්ගේ සේවය එළඹෙන නවසීලන්තය සංචාරය දක්වා දීර්ඝ කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එකඟතාවකට පැමිණ තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (02) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ. 

බංග්ලාදේශයට එරෙහිව පසුගිය බඳදා අවසන් වූ එක්දින තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර තීරණය කර තිබුණි.

එංගලන්තයේදී පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අසාර්ථකත්වය මත කණ්ඩායමේ සියලුම පුහුණුකරුවන්ගේ සේවය අවසන් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම්දී තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශයට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන් ඉවත් කිරීමට තීරණය කළ ද ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසුව නවසීලන්ත සංචාරය දක්වා එම තීරණය අත්හිටුවීමට තීරණය කළ බවයි.

“අපි ඇමතිතුමාට ඒ පිළිබඳව පැහැදිළි කළා. එහිදී අපි කිව්වා පුහුණුකරුවන් හිටි හැටියේ ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට හානියක් වෙන්න පුළුවන් කියලා. ඇමතිතුමා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දක්වමින් අපේ අදහසට එකඟ වුණා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය. 

ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ජෝන් ලුවිස් යන මහත්වරු කටයුතු කරති.

ටෙස්ට් තරග දෙකකින් සහ විස්සයි20 තරග තුනකින් සමන්විත තරග සංචාරයට නවසීලන්ත කණ්ඩායම ලබන 6 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ටෙස්ට් තරගාවලියේ මේ මස 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වන අතර අවසන් විස්සයි20 තරග සැප්තැම්බර් මස 6 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (4)

හතුරුසිංහ ඇතුළු පිරිස තව දුරටත් රඳවාගනී
  • prasad Friday, 02 August 2019 06:00 PM

    මරු ...

    Reply 0       0

    Kumar (Gulf) Friday, 02 August 2019 06:38 PM

    කපන්න බැරි අත සිඹීම...

    Reply 0       0

    Calvin Friday, 02 August 2019 09:07 PM

    හතුරුසිංහ යවන්න පස්ස ගහන එක සැකයක්.....

    Reply 0       0

    chandana Sunday, 04 August 2019 02:54 AM

    එතකොට අර කුලේ ගැන දන්නෙ නැහැ කියපු අය වගේ නිලධාරීන් ? ඒ ගොල්ලොත් තියා ගන්නවද ?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.