Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සේනානායක සොහොයුරෝ ඉතිහාසය නැවත ලියති

සේනානායක සොහොයුරෝ ඉතිහාසය නැවත ලියති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය දැරූ සමයේදී ඔහුගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායකයා බවට පත්වූයේ හැටේ දශකයේදී සමරසිංහ සොහොයුරන් මුලින්ම තැබූ වාර්තාවක් අලුත් කරමිනි.

හෂක

හැටේ දශකයේදී සමරසිංහ සොහොයුරෝ ඉතිහාසයේ පළමු වරට ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් කණ්ඩායම්වල (ප්‍රධාන කණ්ඩායමේ) නායකත්වය හෙබවූහ. හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයන් විසින් කරන ලද්දේ සමරසිංහ සොහොයුරන් තබන ලද වාර්තාව අලුත් කිරීමකි.

වසර 1960 දී එන්. සමරසිංහ ද 1962 දී එම්. සමරසිංහ ද 1972 දී ඔවුන්ගේ බාල සොහොයුරු වූ රන්ජන් සමරසිංහ ද ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය දැරූහ.

හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ පාසලේ ඉහළම නම්බු නාමය ලබමින් 2005 වසරේදී ශාන්ත තෝමස් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්විය. ඉන් පසු පහසුවෙන්ම 2006 වසරේ දී රග්බි කණ්ඩායමේ නායකත්වය ඔහුගේ සොහොයුරු යෝෂිත රාජපක්ෂ අතට ලැබිණි. තම සොහොයුරන්ට නොදෙවෙනි වූ රෝහිත රාජපක්ෂද 2008 වසරේදී රග්බි කණ්ඩායමේ කප්පිත්තා බවට පත් විය.

හෂිත්

“නායකත්වයට පත් සොහොයුරන්” යනුවෙන් විරුදාවලි ලබමින් රාජපක්ෂ සොහොයුරෝ සමරසිංහ සොහොයුරන්ගේ වාර්තාව ඉතිහාස පොත්වලින් අතුගා දැමූහ.

එහෙත් ඉතිහාසය වසන් කළ නොහැකිය. ඉතිහාසය යනු වරින් වර අලුත් වෙමින් වූවත් නැවත නැවතත් එයම කිරීමකි. වසර 10 කට පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය රග්බි ඉතිහාස පොතේ පැරණි පිටු නැවතත් පෙරළමින් තිබේ.

තවත් සොහොයුරෝ තිදෙනෙක් ඉතිහාසය නැවත ලියමින් සිටිති. මේ සොහොයුරන් තිදෙනා තෝමස් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ ම ක්‍රීඩා කළ ආදි සිසුවකුවන ශිරාන් සේනානායකගේ පුතුන් වීම ද සුවිශේෂී කරුණකි.

ශිරාන් සේනානායකගේ වැඩිමල් පුත්‍රයා 2014 වසරේදී තෝමස් විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායක්තවය හෙබවීය. ශිරාන් සේනානායකගේ දෙවැනි පුතු හෂිත් 2015 වසරේදී තෝමස් රග්බි කණ්ඩායමේ නායකයා වූ අතර පියාගේ තම වැඩිමල් සොහොයුරන්ගේ අඩි පාරේ යමින් හරිත් සේනානායක පසුගිය සතියේදී තෝමස් විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ නායකත්වය පත්විය.

සේනානායක සොහොයුරන් තිදෙනා සාන්ත තෝමස් රග්බි කණ්ඩායමේ නායකත්වයට පත්වන විට සේනානායකලා ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයට සම්බන්ධවී සිටියේ නැත. ඔවුන් රග්බි පිලේ නායකත්වයට පත්වූයේ බලපෑම් මත, දේශපාලන මැදිහත් වීම් මත, කයිවාරු මත හෝ සාන්ත තෝමස් විද්‍යාලයේ අදිසි හස්තයන්ගෙන් හෝ නොව සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ දක්‍ෂතා මතය.

ස්වකීය දක්ෂතා මතින් ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඔවුන් ශාන්ත තෝමස් විද්‍යාලය ආඩම්බරයට පත්කර ඇත.

හරිත්

 


අදහස් (0)

සේනානායක සොහොයුරෝ ඉතිහාසය නැවත ලියති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.