Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුසන්ත ගුණවර්ධනට විනය පරීක්ෂණයක්

සුසන්ත ගුණවර්ධනට විනය පරීක්ෂණයක්

ශනුක අරවින්ද - 2016 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි කි‍්‍රඩා සමාජයේ නිලධාරීන්ට බාධා වන පරිදි හැසිරුණ බවට චෝදනා ලැබ සිටින මෝටර් රථ කී‍්‍රඩක සුසන්ත ගුණවර්ධනට එරෙහිව විනය පරීක්ෂණය හෙට (28 වැනිදා) කී‍්‍රඩා අමාත්‍යයේදී පැවැත්වේ. කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ නියමයෙන් මෙම පරීක්ෂණය පැවැත්වේ.

සුසන්ත ගුණවර්ධනට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රී ලංකා යතුරුපැදි කි‍්‍රඩා සමාජයේ සංවිධානයෙන් ඉකුත් අපේ‍්‍රල් මස 17 වැනිදා නුවරඑළියේදී පැවැති මාර්ග මෝටර් රථ තරගාවලිය පැවැත්වෙන අතරතුර සිදුවූ බව කියන අනතුරක් සම්බන්ධයෙන් තරග සංවිධායකයින්ට බැණ වැදීම සහ ඔවුන්ට බාධා වන පරිදි හැසිරීමයි.

සුසන්ත ගුණවර්ධන කළ බවට කියන එම විනය විරෝධී හැසිරීමට එරෙහිව ඔහුට වසර 7 ක තරග තහනමක් පනවා, රුපියල් ලක්ෂයක දඩයක්ද ගෙවීමට නියම කිරීමට ශ්‍රී ලංකා යතුරුපැදි කි‍්‍රඩා සමාජය පියවර ගත් බවත්, එම තරග තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයට ලිඛිතව දැනුම් දුන් බවත් එම කි‍්‍රඩා සමාජයේ ලේකම් කෙයාස් ඞීන් මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන තෙක් ශ්‍රී ලංකා යතුරුපැදි කි‍්‍රඩා සමාජය ඔහුට එරෙහිව පනවා ඇති තරග තහනම කි‍්‍රයාත්මක කිරීමට ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයද (වත්මන් පාලක මණ්ඩලය) අනුමැතිය ලබාදී තිබේ. පසුව ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ ලියා පදිංචි කී‍්‍රඩා සමාජ වෙත ලිඛිතව දැනුම් දීමටද එහි වැඩ බලන ලේකම් රිස්වි ෆාරුක් මහතා කටයුතු කර තිබේ.

එසේ තිබියදී තමාට එරෙහිව පනවා ඇති තරග තහනමට එරෙහිව කී‍්‍රඩා අමාත්‍යවරයාට අභියාචනාවක් ඉදිරිපත් කළ සුසන්ත ගුණවර්ධන, අමාත්‍යවරයාගෙන් විශේෂ අවසරයක් ලබාගෙන පසුගිය 12 වැනිදා පැවැති ‘කැවල්රි සුපර්ක්‍රොස්’ තරගාවලියට සහභාගි විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා යතුරුපැදි කි‍්‍රඩා සමාජයේ සහ ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ ඉල්ලීමකට අනුව සුසන්ත ගුණවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කී‍්‍රඩා අමාත්‍යවරයා කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

හෙට පැවැත්වෙන එම පරීක්ෂණයේදී සුසන්ත ගුණවර්ධන වැරදිකරු බවට පත්වුවහොත් ඔහුට එරෙහිව පනවා ඇති තරග තහනම නැවත බලගැන්වෙන අතර එහිදී නියම කර ඇති දඩ මුදල ගෙවීමටද ඔහුට සිදුවනු ඇත. කෙසේ වුවත් ඔහු අද පරීක්ෂණයේදී නිවැරදිකරු බවට පත්වුවහොත් තරග තහනම සහ දඩ මුදල අවලංගු වන අතර ඔහුට නැවතත් තරග බිමට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.


සුසන්ත ගුණවර්ධන කැවල්රි සුපර්ක්‍රොස් තරගාවලියේදී වැදුණු අයුරු...

(ඡායාරූප - ශානුක අරවින්ද)

 


අදහස් (1)

සුසන්ත ගුණවර්ධනට විනය පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.