Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී. ආර්. පිලට ලක්‍ෂ තුන හමාරක දඩයක්

සී. ආර්. පිලට ලක්‍ෂ තුන හමාරක දඩයක්

යොහාන් භාසුර - 2020 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සහ අන්තර්ජාතික රග්බි නීති උල්ලංඝණය කළ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිලට රුපියල් 350,000 ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබේ.

සී. ආර්. පිලට ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ඉදිරි තරගවලට සහභාගි වීම ද තහනම් කර ඇති අතර ඒ අනුව සී. එච්. පිලට එරෙහිව අත්හිටවූ තරගයේ සියලු ප්‍රසාද ලකුණු සී. එච්. පිලට හිමිවනු ඇතැයි රග්බි ආරංචි මාර්ග සඳහන් කරයි.

සී. ආර්. පිල සහ පොලිස් පිල අතර බම්බලපිටිය පොලිස් පිටියේදී පසුගිය 1 වැනිදා පැවැති තරගයේදී සී. ආර්. පිල විනය විරෝධී ලෙස තරගය අවසන් වීමට පෙර ක්‍රීඩාංගණයෙන් ඉවත්වීමේ සිද්ධිය මෙම දඩුවම් පැනවීමට හේතු වී තිබේ.

සී. ආර්. පිලේ නායකයා ලෙස කටයුතු කළ ජාතික කණ්ඩායම නියෝජනය කරන ඔමල්ක ගුණරත්නට සියලුම මට්ටමේ තරග අටක තහනමක් පනවා එය වසර කාලයක් දක්වා අත්හිටුවා තිබේ. මෙම වසරේ මාර්තු මස 13 වැනිදා සිට ලබන වසරේ මාර්තු මස 13 වැනිදා දක්වා කාලය තුළදී ඔමල්ක නීති විරෝධී ක්‍රියාවකට වරදකරු වුවහොත් එදින සිට මෙම දඩුවම ක්‍රියාත්මක වේ.

සී. ආර්. පිලේ කළමනාකරු ශීක් හුසේන් මහතාට ද මෙම වසරේ මාර්තු මස 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා රග්බි ක්‍රීඩාවට සම්බන්ධ කිසිඳු ක්‍රියාවකට සම්බන්ධ විය නොහැකි ලෙස තහනමක් පැනවීමට ද රග්බි සංගමය පියවර ගෙන තිබේ.

 


අදහස් (0)

සී. ආර්. පිලට ලක්‍ෂ තුන හමාරක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.