Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී. ආර්. පිල 53-15 කින් ගුවන් හමුදාව පරදවයි

සී. ආර්. පිල 53-15 කින් ගුවන් හමුදාව පරදවයි

යොහාන් භාසුර - 2020 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් ලොන්ඩන් පෙදෙසේදී අද (07) පස්වරුවේ පැවැති තරගයේදී සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩකයෝ ලකුණු 53-15 කින් ගුවන් හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

සී. ආර්. පිල මෙවර තරගාවලියේ තරග 10 කදී ලැබූ අටවැනි ජය මෙය වේ.

ජයග්‍රාහි සී. ආර්. පිල ගෝල පහකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකු-ණු 53 රැස්කළේය. ගුවන් හමුදාවට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

සී. ආර්. පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-15 ක් ලෙස පෙරමුණ ගත්තේය.
සී. ආර්. පිලට සිවුවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර මුර්ෂිඞ් සුබයිර් සාර්ථක කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය.

ගුවන් හමුදා පිලේ ගයන්ත ඉද්දමල්ගොඩ 10 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කරමින් ලකුණු පුවරුව 3-3 ක් ලෙස සම කිරීමට සමත් විය.   

සී. ආර්. පිල 15 වැනි මිනිත්තුවේ සිට මිනිත්තු තුනක් තුළ ලකුණු 12 ක් රැස්කරමින් ලකුණු පුවරුව 15-3 ක් බවට පත්කළේය. එහිදී වජීඞ් පවුමි සහ කවිඳු නන්දිළු උත්සාහක දිනුම බැගින් සම්පූර්ණ කළ අතර මුර්ෂිඞ් සුබයිර් ගෝල ප්‍රවර්ථනයක් සාර්ථක කළේය.

ගුවන් හමුදා පිලට 30 වැනි මිනිත්තුවේදී රනුක ප්‍රසාද් සම්පූර්ණ කළ උත්සාහක දිනුම ගයන්ත ඉද්දමල්ගොඩ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 15-10 ක් බවට පත්වූ අතර ගුවන් හමුදා පිලේ ෆීජි ක්‍රීඩක ටුටෙඕයුයා ජේම්ස් 36 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 15-15 ක් ලෙස සමවිය.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩක කෙවින් ඩික්සන් පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමෙන් සී. ආර්. පිලට ලකුණු 20-15 ක් ලෙස ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවිය.

සී. ආර්. ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී සමස්ත ගුවන් හමුදා පිල දැඩි ග්‍රහණයකට නතු කරගනිමින් එම අර්ධයේදී ගෝල හතරකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු 33 ක් රැස්කිරීමට සමත් වූහ.

ජනිඳු ඩිල්ෂාන් උත්සාහක දිනුම් දෙකක් ද, දයාන්ග දේවගේ, සුපුන් වර්ණකුලසූරිය සහ හරිත් බණ්ඩාර උත්සාහක දිනුම බැගින් ද, සී. ආර්. පිලට දෙවැනි අර්ධයේදී එකතු කළහ.
රීසා මුබාරක් ගෝල ප්‍රවර්ථන දෙකක් ද, රිසා රෆයිඩීන් සහ මුර්ෂිඩ් සුබයිර් ප්‍රවර්ථනය බැගින් ද, සාර්ථක කළහ.

අමිත ප්‍රභාත් සහ ජේසන් කරුණාරත්න දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේ සිට 29 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු හතරක් තුළ කහ කාඞ්පත් අවවාද ලබා පිටියෙන් ඉවත්වීමෙන් ගුවන් හමුදා පිලට මිනිත්තු කීපයක් ක්‍රීඩකයන් 13 දෙනකුගෙන් ක්‍රීඩා කිරීමට සිදුවිය.     
 

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

සී. ආර්. පිල 53-15 කින් ගුවන් හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.