Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සෑම් - මෙතුන් කොළඹ අභියෝගය ජයගනිති

සෑම් - මෙතුන් කොළඹ අභියෝගය ජයගනිති

ශනුක අරවින්ද - 2016 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කාලය, වේගය සහ දුර අභියෝගයක් ලෙස පැවැති කොළඹ අභියෝගය මෝටර් රථ රැළියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සෑම් චන්ද්‍රසෝම සහ ඔහුගේ මාර්ගෝපදේශක එස්. කේ. මෙතුන්ශංක සමත් වූහ.

කිලෝ මීටර් 400 කට වැඩි දුරක් සහිත මෙම මෝටර් රථ රැළිය අදියර දෙකින් සමන්විත වූ අතර පළමු අදියරේදී කොළඹ සිට ගාල්ලට දක්වා ගමන් කිරීමටත්, දෙවැනි අදියරේදී ගාල්ලේ සිට නැවත කොළඹ බලා පැමිණීමටත් තරගකරුවන්ට සිදු විය.

කාලය, වේගය සහ දුර අභියෝගයක් වන මෝටර් රථ රැළියකදී එක් එක් අදියර නිමා කිරීම සඳහා තරගකරුවන්ට නියමිත කාලයක් හිමවන අතර එම කාලයට පෙර හෝ පසුව පැමිණෙන තරගකරුවන්ට ලකුණු අහිමි කෙරේ. අඩුම ඍණ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා තරගකරුවා තරගයේ ජයග‍්‍රාහකයා ලෙස තෝරාගැනේ.

'2013 නිසාන් පෙට්‍ර්ල්' වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළ සෑම් චන්ද්‍රසෝම සහ එස්. කේ. මෙතුන්ශංක ‘අයන් මෑන්’ කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූහ. ඔවුන් එහි ශූරතාව දිනාගත්තේ අදියර දෙකම ඍණ ලකුණු ලබා නොගෙන නියමිත වේලාවටම අවසන් කරමිනි.

සිලින්ඩර් ධාරිතාව 4700 ක් වූ ‘2004 පෙට්‍ර්ල් ජීප් ග‍්‍රෑන්ඞ් චෙරොකී’ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළ නලින් පේ‍්‍රමරත්න සහ ඔහුගේ මාර්ගෝපදේශක සරිඳු ගමගේ ඍණ ලකුණු 6 ක් ලබාගනිමින් සමස්ථ අනු ශූරතාව හිමිකරගත් අතර ඔවුහු ‘ජීප් 1’ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට සහභාගි වූහ.

සෆ්රාස් ජුනෙයිඞ් සහ ඔහුගේ මාර්ගෝපදේශක අකීර් අමීර්, ඍණ ලකුණු 11 ක් ලබාගනිමින් සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූහ. සිලින්ඩර් ධාරිතාව 3100 ක් වූ ‘1995 නිසාන් ඩබල් කැබ්’ රථයක් භාවිතා කළ ඔවුහු ‘ප්‍රොමෙච්’ කණ්ඩායම නියෝජනය කරමින් තරගාවලියට එක්ව සිටියහ.

ඞීමෝ සමාගමේ අනුග‍්‍රහය යටතේ පැවැති මෙම රැළියට මෝටර් රථ තරගකරුවෝ 24 ක් සහභාගි වූහ.

කොළඹ මෝටර් රථ කී‍්‍රඩා සමාජය සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව සංවිධානය කරන මෝටර් රථ රැළි ශූරතාවලියේ දෙවැනි තරගාවලිය ලෙස මෙය පැවැති අතර එහි තෙවැනි සහ අවසන් අදියර මේ මස අවසානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම ශූරතාවලියේ පළමු අදියර වූ ‘ස්ලාඩාර් 1000’ මෝටර් රථ රැළිය ඉකුත් පෙබරවාරි මාසයේදී පැවැති අතර සමින් අත්තනායක සහ ඔහුගේ මාර්ගෝපදේශක රහල් උළුවිට එහි ශූරතාව දිනාගත්හ.

 

- 036

 


අදහස් (0)

සෑම් - මෙතුන් කොළඹ අභියෝගය ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.