Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සැමෝවා ක්‍රීඩකයෝ රුසියාව පරදවති

සැමෝවා ක්‍රීඩකයෝ රුසියාව පරදවති

editorial - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුසියාව සහ සැමෝවා අතර ජපානයේ කුමගායා රග්බි ක්‍රීඩාංගණයේදී අද (24) පැවැති ලෝක කුසලාන තරගයෙන් සැමෝවා ක්‍රීඩකයෝ ලකුණු 34-9 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. සැමෝවා පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වූ පළමු තරගය මෙය වන අතර සැමෝවා මෙහිදී අතිරේක ප්‍රසාද ලකුණත් සමඟ ජය ලබා ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණියේය.

රුසියාව මේ වන විට සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ එසේත් නැත්නම් අවසන් ස්ථානයේ පසුවෙයි. අර්ධ අවසන් පූර්ව තරගය පිළිබඳව බලාපොරොත්තුවක් තබාගැනීමට නම් රුසියානු කණ්ඩායම ඉදිරි තරග දෙකම ජය ලැබිය යුතුය.
 
සැමෝවා පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් හතරකින් ලකුණු 34 රැස් කළේය. රුසියානු පිල දඩුවම් පහර දෙකකින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු එකතු විය.
 
සැමෝවා පිලේ අලපාටි ලියුයා 16 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. ඒ අනුව සැමෝවා පිල ලකුණු 5-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.
 
රුසියානු පිල ඉන් මිනිත්තු දෙකකට පසුව එනම් 18 වැනිදා මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර යුරි කුෂ්නාරිව් සාර්ථක කරමින් ලකුණු පුවරුව 3-5 ක් බවට පත්කළේය. 25 වැනි මිනිත්තුවේදී ලැබුණු පහසු දඩුවම් පහර යුරි කුෂ්නාරිව් සාර්ථක කිරීමෙන් රුසියාව ලකුණු 6-5 ක් ලෙස පෙරමුණ ගත්තේය.
 
රුසියාව පළමු අර්ධය අවසන් වන විට ලකුණු 6-5 ක් ලෙස ඉදිරියෙන් පසුවුවද සැමෝවා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ග්‍රහණය වැඩි කිරීමේ ප්‍රතිඵලයෙන් ගෝල දෙකක් සහ උත්සාහක දිනුම් තුනක් එකතු විය.

සැමෝවා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී සිට මිනිත්තු අටක් තුළ එනම් 53 වැනි මිනිත්තුව වන විට උත්සාහක දිනුම් තුනක් රැස්කිරීමෙන් රුසියාවෙන් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඈත්විය. ඒ වන විට ලකුණු පුවරුව 24-9 ක් ලෙස සැමෝවා පිල ඉදිරියෙන් සිටියේය.

එඞ් ෆිඩොව් 50 වැනි මිනිත්තුවේදී සැමෝවා පිලට තෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ මිනිත්තු 30 ක් ඉතිරිව තිබියදී අතිරේක ප්‍රසාද ලකුණ එකතු විය.
 
අලපාටි ලියුයා 79 වැනි මිනිත්තුවේදී සිය දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 34-9 ක් බවට පත්විය.
 
 - 048

 


අදහස් (0)

සැමෝවා ක්‍රීඩකයෝ රුසියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.