Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ටේන් ටෙස්ට් පිටියෙන් සමුගනී

ස්ටේන් ටෙස්ට් පිටියෙන් සමුගනී

editorial - 2019 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නකුවූ ඬේල් ස්ටේන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන්  සමුගැනීමට තීරණය කර තිබේ. එසේ වුවත් එක්දින ජාත්‍යන්තර තරග සහ විස්සයි20 පිටියේ තවදුරටත් රැදී සිටිමට ඔහු තීරණය කර ඇත.

2004 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් ඬේල් ස්ටේන් අවසන් වරට පසුගිය පෙබරවාරී මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදුණේය. මේ වනවිටත් ස්ටේන් 2019/20 තරග වාරය සඳහා ජාත්‍යන්තර එක්දින සහ විස්සයි20  තරග වෙනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම් අත්සන් කර ඇත. ටෙස්ට් තරග 93 කට ක්‍රීඩාකර ඇති ස්ටේන් කඩුලු 439 ක් දවාගෙන ඇති අතර කඩුලු දවාගැනීමේ සාමාන්‍යය 22.95 ක් ලෙස රඳවාගෙන තිබේ. 

2008 වසරේ සිට 2014 වසර දක්වා වාර්තාගත සති 263 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ පසුවීමටද ඬේල් ස්ටේන් සමත්විය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද එයට බොහෝ ආදරය කරන බව 36 හැවිරිදි ස්ටේන් පැවසීය. 

දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙතෙක් කාළයක් පුරා වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාද වන ස්ටේන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ පසුවන්නේය.

“ඔහුගේ පරම්පරාවේ ඔහු විශිෂ්ඨයෙක්. සංඛ්‍යා දත්ත බොරු නොකරයි” යැයි ස්ටේන්ගේ සමුගැනීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය

 


අදහස් (0)

ස්ටේන් ටෙස්ට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.