Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්කොට්ලන්තයට 61-0 ක දැවැන්ත ජයක්

ස්කොට්ලන්තයට 61-0 ක දැවැන්ත ජයක්

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තය සහ රුසියාව අතර අද (09) පැවැති රග්බි තරගයෙන් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු 61-0 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ. ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ මෙම තරගය ශිෂුඕකාහිදී පැවැත්විණි.

ස්කොට්ලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරග දෙක වඩාත් තීරණාත්මක වී තිබේ. එම තරග දෙකේ ප්‍රතිඵල අනුව ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය වේ.

සත්කාරක ජපානය සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු 14 ක් හිමිකරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයේ පසුවෙයි. අයර්ලන්තය තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 11 ක් සමගින් දෙවැනි ස්ථානයේ ද, ස්කොට්ලන්තය තරග දෙකක් ජය ලබා ප්‍රසාද ලකුණු 10 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද පසුවෙයි.

ස්කොට්ලන්තය මෙම තරගයේදී උත්සාහක දිනුම් නවයක් සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගැනීමත් සමඟ ජපානයට වැඩි බලපෑමක් ඇති වී තිබේ.

ජපානය සහ ස්කොට්ලන්තය අතර යොකෝහාමාහිදී ලබන ඉරිදා (13) පැවැත්වෙන එම කාණ්ඩයේ අවසන් තරගයෙන් ස්කොට්ලන්තය අතිරේක ප්‍රසාද ලකුණ ද සමගින් ජය ලැබුවහොත් ජපානයේ බලාපොරොත්තු සුන්වීමට ඉඩ තිබේ.

ස්කොට්ලන්තය එම තරගය අතිරේක ප්‍රසාද ලකුණ ද සමගින් ජය ලැබුවහොත් ස්කොට්ලන්ත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 15 ක් බවට පත්ව වන අතර ජපානය ප්‍රසාද ලකුණු 14 හිරවේ.

අයර්ලන්තය සහ සැමෝවා අතර තරගය ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත අතර එම තරගයෙන් සැමෝවා ජය ලැබීමට ඇති ඉඩ කඩ ඉතාමත් අඩුය. අයර්ලන්තය එම තරගය ජය ලැබීම පමණක් අර්ධ අවසන් පූර්ව තරගයට ඒමට ප්‍රමාණත් වේ.

ස්කොට්ලන්තය ගෝල අටක් සහ උත්සාහක දිනුමක් ලකුණු 61 ක රැස්කළ අතර පළමු අර්ධය අවසන් වන විට ලකුණු 21-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.

-048


අදහස් (0)

ස්කොට්ලන්තයට 61-0 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.