Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සල්පිටි රයිගම් කෝරළ හටන මොරටුවේදී

සල්පිටි රයිගම් කෝරළ හටන මොරටුවේදී

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර වර්ෂික මහ ක්‍රිකට් තරගය වන ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ මේ මස 27 සහ 28 දෙදින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය 19 වැනි වරට පැවැත්වෙන්නකි.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පය මත ඇරඹී පළමු මධ්‍ය විද්‍යාල 54 ට අයත් මෙම පාසල් දෙක අතර පැවැත්වෙන වාර්ෂික මහ ක්‍රිකට් තරගය මධ්‍ය විද්‍යාල දෙකක් අතර පැවැත්වෙන පළමු සහ එකම මහ ක්‍රිකට් තරගයද වන්නේය.

මෙවර පැවැත්වෙන 19 වැනි සල්පිටි රයිගම් කෝරළ සංග්‍රාමයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පස්වැනි වසරේ වර්ණලාභියෙකු වන චමෝද් සඳරුට හිමිවී තිබේ. හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පස්වැනි වසරේ වර්ණලාභියෙකු වන චමිඳු රන්විනු වීරක්කොඩිට හිමිවී ඇත.

දෙවිදුහල් අතර මේ දක්වා වාර්ෂික මහ ක්‍රිකට් තරග 18 ක් පවත්වා ඇති අතර පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය තරග 3 ක් ජයගෙන තිබේ. හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට මේ දක්වා කිසිදු තරගයක් ජයගැනීමට අවස්ථාව හිමිනොවීය. විවිධ හේතූන් මත 2012 වසරේදී සල්පිටි රයිගම් කෝරළ සටන නොපැවැත්විණ.

තිළිණ දසුන්ගේ නායකත්වය යටතේ 2005 දීත් චානක රුවන්සිරිගේ නායකත්වය යටතේ 2009 දීත් ප්‍රමුදිත පියුමාල්ගේ නායකත්වය යටතේ 2010 වසරේදීත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජයගැනීමට සමත්ව තිබේ.

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය මෙවර තරග වාරයේදී තරග 15 කට ක්‍රීඩාකර කළුතර සිරි කුරුස විද්‍යාලය, කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලය, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය, කෑගලු විද්‍යාලයන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණ 6 ක් වාර්තා කර තිබේ. යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයට සහ කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව පූර්ණ පරාජයන් දෙකකට හිමිකම් කියූ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ 6 ක් ද එක් පළමු ඉනිමේ පරාජයක්ද හිමිකරගෙන ඇත.

ශතක 2 ක් සමගින් ලකුණු 730 ක් රැස්කළ ජමිත් දිල්ෂාන් මෙවර පාසල් තරග වාරයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ ඔහු කැළණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 163 ඉනිමකදී ඔහු ලබාගත් ඉහළම දක්ෂතාව ලෙස සටහන්වේ.

පස්වන වසරේ වර්ණලාභියෙකු වන නායක චමෝද් සඳරු ලකුණු 656 ක් සහ කඩුලු 35 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය. කළුතර තිස්ස විද්‍යාලයට එරෙහිව ලබාගත් ලකුණු 95 මෙවර තරගාවලියේදී පිත්තෙන් දැක්වූ ඉහළම දක්ෂතාව වූ අතර ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 35 කට කඩුලු 6 ක් දවාගැනීම පන්දුවෙන් දැක්වූ ඉහළම දක්ෂතාව විය.

රුචිර අධිකාරී ලකුණු 488 ක්, අෂේන් රොද්‍රිගූ ලකුණු 421 ක්, ලක්ෂිත කුලරත්න ලකුණු 367 ක්, උෂාන් දීමන්ත ලකුණු 320 ක් සහ හේසර දිල්කිත් ලකුණු 310 ක් රැස්කරමින් පිළියන්දල මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.

කඩුලු 61 ක් ලබාගත් සඳුන් සත්සර මෙවර පාසල් තරග වාරයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්විය. ලකුණු 61 කට කඩුලු 6 ක් දවාගැනීමට ඔහුගේ ඉහළම දක්ෂතාවය ලෙස සටහන් විය.

උෂාන් දීමන්ත කඩුලු 53 ක්, සිතුම් කුමාර කඩුලු 41 ක් සහ රුචිර අධිකාරී කඩුලු 33 ක් දවාගනිමින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වෙවර පාසල් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරග කරන තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය මෙම තරග වාරයේ තරග 14 කට ක්‍රීඩාකරමින් හලාවත ශාන්ත මේරී විද්‍යාලයට සහ කැළණිය ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව පූර්ණ ජයග්‍රහණ 2 ක් වාර්තා කර ඇත. ඊට අමතරව පළමු ඉනිමේ ජයග්‍රහණ 5 ක් හිමිකරගෙන ඇති හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිමේ පරාජයන් 6 කටද හිමිකම් කියයි. කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව පැවැති තරගය විසදුමකින් තොරව අවසන් කරගෙන ඇත.

එරංග ජයකොඩි ශතක 2 ක් සමගින් ලකුණු 630 ක් රැස්කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වී ඇත. සසංක අදීප ශතකයක් සමගින් ලකුණු 610 ක් සහ කඩුලු 40 ක් ද, සෙනෙත් වින්විනු ශතකයක් සමගින් ලකුණු 530 ක් සහ කඩුලු 38 ක් ද දවාගනිමින් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්වූහ.

කඩුලු 43 ක් දවාගත් පිටදඟ පන්දු යවන ක්‍රීඩක තිසර සචින්තන මෙවර පාසල් තරගාවලියේදී හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා බවට පත්විය.

දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ඕවර තරග 5 ක් මේ දක්වා පවත්වා ඇති අතර තරග 4 ක  ජයග්‍රහණය හිමිකර ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සමත්වී ඇති අතර එක් තරගයක් වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සිදුවිය.

දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 01 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම:
චමෝද් සඳරු (නායක), රුචිර අධිකාරී, සසංක ලක්ෂාන්, ලක්ෂිත කුලරත්න, සෙනිරු දිල්මිත්, මයුර එදිරිසිංහ, සඳුන් සත්සර, ජමිත් දිල්ෂාන්, ආකාෂ් අකලංක, උෂාන් දීමන්ත, අෂේන් රොද්‍රිගූ, මුවින් පේසර, තිවංක සඳරු, චනුප ජනුල්, ලෂාන් වගීෂ, රමෝද්‍ය බාලසූරිය, ජයංග මධුෂාන්, සිතුම් නිම්ලක, හේසර දිල්කිත්, හසිත නිරෝෂන්.
දර්ශණ උඩවත්තගේ මහතා (විදුහල්පති), පී.එස්.එම්. සම්සුදීන් මහතා (නියෝජ්‍ය විදුහල්පති), ආර්.ඩි.සී.එස්. රණවක මහත්මිය (නියෝජ්‍ය විදුහල්පති), එච්.එස්.හේවගේ මහතා (නියෝජ්‍ය විදුහල්පති), අරුණ ලියනගේ මහතා (ක්‍රීඩාභාර ආචාර්ය), එරංග ගුණරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), අමිල් සේනාධීර මහතා (සහය පුහුණුකරු), හර්ෂණ ප්‍රමෝද් මහතා (සහය පුහුණුකරු), සුදේෂ් හර්ෂ මහතා (සහය පුහුණුකරු)

 

හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම:
චමිඳු රන්විනු (නායක), සසංක අදීප, උමේෂ් ප්‍රසාද්, තිසර සචින්තන, එරංග ජයකොඩි, සෙනෙත් වින්විනු, ගිහාන් මධුභාෂ්, රොමේෂ් ධනුෂ්ක, බිනුප සන්දිනු, මලිත් කෞෂල්‍ය, රෂිඳු තාරුක, දේශාන් දිල්මිත්, විදුෂාන් යසින්ත, රවීන් රංසිළු.
කේ.කේ.පී.එම්.ජයතිලක මහත්මිය (විදුහල්පතිනිය), ප්‍රේමසිරි එදිරිසිංහ මහතා (නියෝජ්‍ය විදුහල්පති), කමල් සුජීව මහතා (ක්‍රිකට් භාර ආචාර්ය සහ ප්‍රධාන පුහුණුකරු), ගාවින්ද බස්නායක මහතා (සහය පුහුණුකරු)

 


අදහස් (0)

සල්පිටි රයිගම් කෝරළ හටන මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.