Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සර්ෆරාස් අහ්මඞ් නායකත්වයෙන් දොට්ට

සර්ෆරාස් අහ්මඞ් නායකත්වයෙන් දොට්ට

editorial - 2019 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම් වල නායකත්වය දැරූ සර්ෆරාස් අහ්මඞ් ඉන් ඉවත්කර ටෙස්ට් නායකත්වය සඳහා අසාර් අලී සහ විස්සයි20 නායකත්වය සඳහා බාබර් අසාම් පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේ නායකත්වය දැරූ සර්ෆරාස් අහ්මඞ් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්විය. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනෙකු ආරක්ෂක හේතුන් මත පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කර තිබූ අතර ඊට විස්සයි20 නායක ලසිත් මාලිංගද ඇතුළත් විය.

සර්ෆරාස් අහ්මඞ්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් මගින් පවසා ඇත. ලබන වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලිය දක්වාම බාබර් අසාම් නායකත්වයට පත්කර ඇති බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

තරගාවලි 11 ක් ජයගනිමින් පාකිස්තාන කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරිම්හී පෙරමුණේ තබාගැනීමට සර්ෆරාස් අහ්මඞ් නායකත්වය දැරූ කාලයේදී සමත්විය. නව නායකයින්ට සුබ පැතුම් එක් කිරීමට හිටපු නායන සර්ෆරාස් අහ්මඞ් අමතක නොකළේය.

“අසාර්ට සහ අසාම්ට මම සුබපතනවා..එමෙන්ම මේ ගමනේදී මට උදව් කිරීම සම්බන්ධයෙන් පුහුණුකරුවන්ට, තේරීම් කමිටුවට සහ නිලධාරීන් ස්තූතිවන්ත වෙනවා” යැයි සර්ෆරාස් අහ්මඞ් මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණි.

2015 සහ 2017 වසර වලදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 31 කට අසාර් අලී වරින්වර නායකත්වය ලබාදී ඇත. ඔහු නායකත්වය ලබාදුන් ටෙස්ට් තරගය පරාජයවී ඇති අතර එක්දින තරග 31 කින් තරග 18 ක් ජයගෙන ඇති අතර තරග 12 ක් පරාජයට පත්වී ඇත. එක් තරගයක් විසදුමකින් තොරව අවසන්වී ඇත.

“මගේ රට වෙනුවෙන් නායකත්වය දැරීම මට ගෞරවයක්” යැයි පැවසූ අසාර් අලී 2017 වසරේදී ඕස්ටේ්‍රලියාව හමුවේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියක් 4-1 ක් ලෙස පරාජය විම හේතුවෙන් නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි20 තරග 3 ක් සඳහා පාකිස්තාන කණ්ඩායම නොවැම්බර් මාසයේදී ඕස්ටේ්‍රලියාවේ සංචාරය කිරීමට නියමිතව ඇත.

...


අදහස් (0)

සර්ෆරාස් අහ්මඞ් නායකත්වයෙන් දොට්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.