Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සයිනි ඉන්දියාවට ජය ගෙනෙයි

සයිනි ඉන්දියාවට ජය ගෙනෙයි

editorial - 2019 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලෝඩර්හිල්හිදී ඊයේ (3 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගයේ ජය හිමිකර ගත් ඉන්දියාව ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 96 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 17.2 කදී කඩුලු 6 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් පන්දු 25 කදී ලකුණු 24 ක් ලබාගත් රෝහිත් ශර්මා ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

කළකට පසුව කොදෙව් විස්සයි20 සංචිතයට එක්වූ සුනිල් නරේන් සිය ඕවර 4 ලකුණු 14 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර ශෙල්ඩන් කෝට්ට්‍රල් සහ කිමා පෝල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව් පිළට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 95 ක් පමණි.

නිකලස් පූරන් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් රැස්කළ අතර කරන් පොලාඞ්ට පන්දු 49 කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 49 ක් පමණි. ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. අනෙක් අන්තයේ කඩුලු එක පිට බිඳවැටෙන විට කඩුල්ල ආරක්‍ෂා කරගැනීමට කරන් පොලාඞ් සමත්වුවද ඉන්දියාවට අභියෝගයක් ලබාදිය හැකි ලකුණු මට්ටමක් සඳහා කොදෙව් පිල රැගෙන යාමට ඔහු අපොහොසත් විය.

නිකලස් පූරන්ට සහ කරන් පොලාඞ්ට අමතරව කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට අවස්ථාවක් ඉන්දීය පන්දු යවන්නන්ගෙන් හිමිනොවූහ.

සිය ඕවර 4 ලකුණු 17 කට සීමාකරමින් එක් නිලකුණු ඕවරයක් සමගින් කඩුලු 3 ක් දවාගත් නව්දීප් සයිනි මංගල විස්සයි20 තරගයේදී පෙන්වූ දක්ෂතාවය හේතුවෙන් තරගයේ වීරයාට හිමි සම්මානයද දිනාගැනීමට සමත්විය.

බුවනේෂ්වර් කුමාර් සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත් අතර වොෂින්ටන් සුන්දර්, ඛලීල් අහ්මඞ්, හර්දික් පාණ්ඩ්‍යා සහ රවින්ද්‍ර ජඬේජා අතර කඩුලු බැගින් බෙදී ගියහ.


බටහිර ඉන්දීය කෙදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 95
(නිකලස් පූරන් 20, කරන් පොලාඞ් 49, නව්දීප් සයිනි 17/3, බුවනේෂ්වර් කුමාර් 19/2)


ඉන්දියාව - ඕවර 17.2 කදී කඩුලු 6 ක් දැවී 98
(රෝහිත් ශර්මා 24, සුනිල් නරේන් 14/2, ශෙල්ඩන් කෝට්‍රල් 20/2, කිමා පෝල් 23/2)

...


අදහස් (0)

සයිනි ඉන්දියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.