Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සජාඩ් - ලතික අවධානය දිනාගනිති

සජාඩ් - ලතික අවධානය දිනාගනිති

ශනුක අරවින්ද - 2015 නොවැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තාර ඇතිරූ ධාවන පථයක පැවැත්වෙන වාර්ෂික මෝටර් රථ ශූරතාවලියේ තුන්වැනි අදියර ලෙසින් පන්නල මෝටර් රථ ධාවන පථයේදී පසුගියදා පැවැති මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ වැඩි ගෞරව දිනාගැනීමට සජාඞ් සුහේර් (මෝටර් රථ) සහ ලතික ශාමාල් (යතුරු පැදි) සමත් වූහ. මෙම තරගාවලිය පසුගිය ඉරිදා (15 වැනිදා) පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණ.

හොණ්ඩා ඊ. ආර්. IV 1600 රථයක් පදවමින් එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජයගත් සජාඞ් සුහේර් හොණ්ඩා ඊ. ආර්. II 1500 රථයක් පදවමින් එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයද ජයගත්තේය.

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය ජයගැනීම සඳහා හොණ්ඩා සී. බී. ආර්. 125 යතුරු පැදියක් භාවිතා කළ ලතික ශාමාල් වඩාත් බරැුති යතුරු පැදියක් වන හොණ්ඩා සී. බී. ආර්. 250 වර්ගයේ යතුරු පැදියකින් ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද තරගයද ජයගත්තේය.

තරගාවලියේ ප‍්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්වේ පැවැති පළමු තරගය ජයගැනීමට ඩිලාන් සෙනෙවිරත්න සමත්වූ අතර දෙවැනි තරගය ජයගැනීමට අශාන් සිල්වා සමත් විය. මෙම තරග දෙකේදීම දෙවැනි ස්ථාන හිමිකර ගනිමින් පසිඳු පීරිස් මෙම මෝටර් රථ කාණ්ඩයේ තමන්ට හිමි කීර්ති නාමය යම් තාක් දුරට රැකගැනීමට සමත් විය.

නොනවත්වාම ඇද හැළුණු වර්ෂාව මධ්‍යයේ පැවැති පළමු තරගයේදී වරෙක අශාන් සිල්වාද, තවත් වරෙක උෂාන් සිල්වාද පෙරමුණ හුවමාරු කරගනිමින් කරට කර තරගයක යෙදුන අතර අවසන් මොහොතේ ඔවුන් දෙදෙනාම අනතුරු වලට ලක්වීමෙන් නිසි ප‍්‍රයෝජන ගත් පසුපසින් පැමිණි ඩිලාන් සෙනෙවිරත්න ජයග‍්‍රාහකයා ලෙස එම තරගය නිමා කිරීම නරඹන්නන් මවිත කිරීමට හේතු විය.

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය ජයගනිමින්ද, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගයේ දෙවැනි ස්ථානය හිමිකරගනිමින්ද ශොයෙල් ඩැනියෙල් යතුරුපැදි අංශයේ කැපී පෙනන දස්කම් දැක්වීය.

කෙසේ වුවත් වර්ෂාව නිසා තරගාවලියේ ප‍්‍රධානතම යතුරුපැදි ඉසව්ව වූ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා වැඩි) යතුරුපැදි ඉසව්වේ තරග දෙකන් පළමු තරගය පමණක් පැවැත්විණ. තරගකරුවන් තිදෙනෙකු පමණක් සහභාගී වූ එම තරගය ජය ගැනීමට ප‍්‍රමුඛ සේසත් සමත් විය.

ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (ඉන්දන විද්‍යුත් විසරණ) ජය ගැනීමට චන්දිම ගුණරත්න සමත් වෙද්දී, ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (කාබියුරේටර්) ජය ගැනීමට සමත් වූයේ ලසිත නාඔටුන්නයි.

තවත් වේගවත් යතුරුපැදි තරග ඉසව්වක් වන සුපර් මෝටාඞ් කාණ්ඩයේ පළමු තරගය (සි. ධා. 250 දක්වා) ජයගැනීමට යොවුන් කී‍්‍රඩක සංගීත් සූරියගේත්, දෙවැනි තරගය (සි. ධා. 450 දක්වා ජයගැනීමට ප‍්‍රවීණ කී‍්‍රඩක සුරාජ් පෙරේරාත් සමත් වූහ.

ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය.

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය
1 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
2 මධුෂාන් මාන්නප්පෙරුම (හොණ්ඩා සිවික් 1500)
3 නිෂාන් වාලසතන්ත‍්‍රි (හොණ්ඩා සී. ආර්. එක්ස්. 1500)

ආර්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 වි. ටී. විජේකුමාර් (හොණ්ඩා ආර්. එස්.)
2 වී. ටී. ශාන්තරාම් (හොණ්ඩා ආර්. එස්.)
3 ටිරෝන් ප‍්‍රනාන්දු (හොණ්ඩා ආර්. එස්.)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 කේ. ඞී. එස්. මල්ෂාන් (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 හංසිකා අබේසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 නිකිල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ප‍්‍රභාත් ජයසිංහ (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 චතුර මධුසංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යකුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 දේෂාන් සොලංකි (සුසුකි ආර්. එන්. ඉසෙඞ් 250)
3 දුෂාන් මුදලිගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. IV 1600)
2 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා සිවික් 1600)
3 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1600)

ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
2 ක්ලෙමන්ට් සේනාරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)
3 ඇන්ඩෘ චොස්කි (ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 ඊ. එෆ්. අයි. 1300)

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (කාබියුරේටර්)
1 ලසිත නාඔටුන්න (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
2 අයේෂ් බණ්ඩාර (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)
3 ලක්ෂික වීරසිංහ (ෆෝර්මියුලා කාබියුරේටර් 1300)

‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ලතික ශාමාල් (හොණ්ඩා සී. බී. ආර්. 125)
2 ධනුෂ්ක චන්දිමාල් (හොණ්ඩා සී. බී. ආර්. 125) 
3 සංජීව උදයකුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 ශි‍්‍රයන්ත අනුරාධ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. VI 600)
3 මොහොමඞ් බාෂිත් (සුසුකි ජී. එස්. එක්ස්. 600)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය
1 ඩිලාන් සෙනෙවිරත්න (මිට්සුබිශී ඊ. ආර්. 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
3 උෂාන් පෙරේරා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 1000 දක්වා වැඩි) පළමු යතුරුපැදි තරගය
1 ප‍්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 රේසා ඔඩෙයාර් (බී. එම්. ඩබ්ලිව්. එච්. පී. IV 1000)
3 ශි‍්‍රයන්ත අනුරාධ (හොණ්ඩා 999)

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
3 සුරේෂ් කුමාර් (ඔස්ටින් මිනි 1000)

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
2 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්ව) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. 450)
2 නෙඞ් ඩැනියෙල් (කේ. ටී. එම්. ඊ. එක්ස්. සී. 450)
3 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 ලතික ශමාල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ශොයෙල් ඩැනියෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 කුෂාන් චතුරංග (හොණ්ඩා සී. බී. ආර්. 250)

එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 ශෙනාල් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1500)
2 රන්දික නිරෝෂන් (මැස්ඩා ෆැමීලියා 1500)
3 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය
1 අශාන් සිල්වා (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
2 පසිඳු පීරිස් (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)
3 දිනේෂ් ජයවර්ධන (මිට්සුබිශී ලාන්සර් එවොලූෂන් 2000)

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

සජාඩ් - ලතික අවධානය දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.