Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශූරයා ශාමල් : ශූරිය අංජලිකා

ශූරයා ශාමල් : ශූරිය අංජලිකා

ශානුක අරවින්ද - 2019 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ 104 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශාමල් දිසානායක අද (18 වැනිදා) සමත් විය. ශාමල් පිට පිටම ජාතික කේවල ශූරතාව දිනාගත් සිවුවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 2016, 2017 සහ 2018 යන වසරවලදීද ඔහු ජාතික ශූරතාවට හිමිකම් කියා ඇත. 

ශාමල් මේ වසරේ (2019) ජාතික ටෙනිස් ශූරයා බවට පත් වූයේ විවෘත පිරිමි කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස හීරා ආෂික් පරාජය කරමිනි. අවසන් තරගයේ පළමු වටයේදී ලකුණු 6/3 ක් ලෙස හීරා පරාජය කළ ශාමල්, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 6/2 ක් ලෙසිනි.

තරගාවලියේ විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අංජලිකා කුරේරා ඊයේ (17 වැනිදා) සමත් වූ අතර අවසන් මහ තරයේදී වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජයට කරමින් ඇය මෙවර ජාතික ශූරිය බවට පත්වූවාය. පළමු වටයේදී ලකුණු 6/1 ක් ලෙස ජනාලි පරාජය කළ අංජලිකා, දෙවැනි වටය ජයගත්තේ ජනාලිට එක් ලකුණක් හෝ ලබාගැනීමට ඉක් ලබා නොදෙමිනි.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 350 පමණ සහභාගි වී සිටිති.

අවසන් මහ තරග ප්‍රතිඵල

පිරිමි කේවල
ශාමල් දිසානායක විසින් තරග වට 2-0 ක් ලෙස හීරා ආෂික් පරාජය කරන ලදි. (6/3, 6/2)

කාන්තා කේවල
අංජලිකා කුරේරා විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/1, 6/0)

 


අදහස් (0)

ශූරයා ශාමල් : ශූරිය අංජලිකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.