Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් යති

ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් යති

editorial - 2019 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉන්දියාවේ කටාක් ප්‍රාන්තයේ ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී මේ මස 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 16 වැනිදා දිවයිනෙන් පිටත්ව යයි.  

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් සිව් දෙනකුගෙන් සහ ක්‍රීඩිකාවන් සිව් දෙනකුගෙන් සමන්විත වන අතර ප්‍රවීණ මේසපන්දු පුහුණුකරු බුද්ධික දික්කුඹුර මහතා මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

රොහාන් සිරිසේන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය දරණ අතර ක්‍රිෂාන් වික්‍රමරත්න, නිර්මල ජයසිංහ සහ මිලින්ද ලක්ෂිත එහි සෙසු සාමාජිකයෝ වෙති. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය ඉෂාරා මධුරංගිට හිමිව ඇති අතර බිමන්දි බණ්ඩාර, චමත්සරා ප්‍රනාන්දු සහ ජිතාරා වර්ණකුලසූරිය එහි සෙසු සාමාජිකාවෝ ලෙස කටයුතු කරති.

ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉකුත් ජූනි මාසයේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී තේරීම් තරගාවලියක් පවත්වා ඇති අතර ඒ සඳහා විවෘත ශ්‍රේණිගත කිරීම් පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයන් 8 දෙනා සහ ක්‍රීඩිකාවන් 8 දෙනා සහභාගී කරවාගෙන තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ අංක එකේ මේසපන්දු ක්‍රීඩකයා වන උදය රණසිංහට එම පුහුණු සැසියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ මේ දිනවල ඔහු ඇමරිකාවේ මේසපන්දු පුහුණු කඳවුරකට සහභාගි වී සිටීමයි. ඔහුට අමතරව සුපුන් වරුසවිතාන, චලිත රංජන, එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ නුවනි නවෝද්‍යා වැනි තවත් ප්‍රධාන පෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක්ද විවිධ හේතුන් මත එම තේරීම් තරගාවලියට සහභාගි වී නොමැත.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන්ම පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව් සඳහා තරග වදින අතර ඉන් අනතුරුව ඔවුන් පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් සඳහා සහභාගි වනු ඇත.

ශ්‍රී ලංකාවට අමතරව මෙම තරගාවලිය සඳහා සත්කාරක ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, බංග්ලාදේශය, සයිප්‍රසය, එංගලන්තය, ජර්සිය, මැලේසියාව, නයිජීරියාව, පාකිස්තානය, සිංගප්පූරුව, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව සහ වේල්සය යන රටවල්ද සහභාගි වීමට නියමිතය.

 

රොහාන් සිරිසේන

ක්‍රිෂාන් වික්‍රමරත්න

නිර්මල ජයසිංහ

මිලින්ද ලක්ෂිත

ඉෂාරා මධුරංගි

බිමන්දි බණ්ඩාර

චමත්සරා ප්‍රනාන්දු

ජිතාරා වර්ණකුලසූරිය

 


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් 8 දෙනෙක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.