Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට සැනසිලි සහගත ජයක්

ශ්‍රී ලංකාවට සැනසිලි සහගත ජයක්

editorial - 2020 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ ජපන් වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (25 වැනිදා) පැවැති මූලික වටයේ තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 44 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 8.3 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී පන්දු 25 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 19 ක් රැස්කළ රවිඳු රෂාන්ත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටුණ එකම කඩුල්ල බවට පත්වූ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන හතරේ පහර 2 ක් සමග ලකුණු 9 ක් ලබා සිටියදී කෙන්ටෝ ඩොබෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. සෙසු ආරම්භක පිතිකරුවා වූ මොහොමඞ් ශමාස් නොදැවී ලකුණු 7 ක් රැස්කළේය.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් ඕවර 22 කට සීමා වූ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් ජපන් යොවුන් කණ්ඩායමට ඕවර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 43 ක් පමණි.

එහිදී ජපන් යොවුන් කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ නවෝද් පරණවිතාන, අෂේන් ඩැනියෙල්, ඩිල්ෂාන් මධුෂංක සහ සුදීර තිලකරත්න කඩුලු 2 බැගින් දවාගනිමින් ජපන් ඉනිම සුනුවිසුණු කර දැමූහ.


ජපන් යොවුන් පිල - ඕවර 18.3 කදී සියලු දෙනා දැවී 43
(නවෝද් පරණවිතාන 02/2, අෂේන් ඩැනියෙල් 11/2, ඩිල්ෂාන් මධුෂංක 12/2, සුදීර තිලකරත්න 13/2)

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 8.3 කදී කඩුල්ලක් දැවී 47
(රවිඳු රෂාන්ත නොදැවී 19)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට සැනසිලි සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.