Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදවයි

ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදවයි

ශානුක අරවින්ද - 2019 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිංගප්පූරුවේ ඕ.සී.බී.සී. ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්වෙන ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ අසියා ශාන්තිකර කළාපීය III කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති මූලික වටයේ තරගයකදී 2-1 ක් ලෙස සිංගප්පූරුව පරාජය කිරීමට ශ්‍රී ලංකාව අද (27 වැනිදා) සමත් විය. එහෙත් ‘ඒ’ කාණ්ඩය යටතේ පැවැති සෙසු මූලික වටයේ තරගවලදී කුවේට් රාජ්‍යයට එරෙහිව 2-1 ක ජයක් වාර්තා කළද, වියට්නාමය හමුවේ 3-0 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට අසියා ශාන්තිකර කළාපීය II කොටසට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය.

 

අසියා ශාන්තිකර කළාපීය III කොටසේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන තෝරාගැනීම වෙනුවෙන් හෙට (29 වැනිදා) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකාව කටාර් රාජ්‍යයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

සිංගප්පූරුවට එරෙහිව පැවැති තරගය කේවල තරග 2 කින් සහ යුගළ තරගයකින් සමන්විත වූ අතර පළමු කේවල තරගයේදී ශහීඞ් අලාම් හමුවේ වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා පරාජයට පත්විය.

කෙසේ වුවත් ඉතා ඉහළ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ හර්ෂණ ගොඩමාන්න, දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස හාඕ යුවාන් න්ග් පරාජය කරමින් තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයට පත් කළේය.

කණ්ඩායම් දෙකටම තීර්ණාත්මක වූ යුගල තරගයේදී දිනේෂ්කාන්තන් සමග එක්වූ ගොඩමාන්න, ඉතා තියුණු තරගයකින් අනතුරුව වට 2-1 කින් ශහීඞ් අලාම් සහ හාඕ යුවාන් න්ග් පරාජය කරමින් තරග 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජය ශ්‍රී ලංකාවට අත්කර දුන්නේය.


සිංගප්පූරුවට එරෙහිව පැවැති තරගය
■ශහීඩ් අලාම් (සිංගප්පූරුව) විසින් වට 2-0 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/4, 6/1)
■හර්ෂණ ගොඩමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස හාඕ යුවාන් න්ග් (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (6/2, 6/3)
■හර්ෂණ ගොඩමාන්න සහ දිනේෂ්කාන්තන් තංගරාජා (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස ශහීඩ් අලාම් සහ හාඕ යුවාන් න්ග් (සිංගප්පූරුව) පරාජය කරන ලදහ. (1/6, 7/6, 7/5)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව සිංගප්පූරුව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.