Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව මූලික වටයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව මූලික වටයට සුදුසුකම් ලබයි

ශානුක අරවින්ද - 2019 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේදී පැවැත්වෙන සුදිර්මන් කුසලාන බැඞ්මින්ටන් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී තෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම, සහභාගි වූ තරග 3 ම ජයගනිමින් මූලික වටයට සුදුසුකම් ලබාගැනීමට අද (22 වැනිදා) සමත් විය.

තෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදුන සෙසු කණ්ඩායම් වූ ස්විට්සර්ලන්තය, ස්ලෝවැකියාව සහ ලිතුවේනියාව යන රටවල් පරාජය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ මූලික වටයට සුදුසුකම් ලබාගත්තේ එම කණ්ඩයේ පෙරමුණ අත්කර ගනිමිනි.

තරගාවලියේ සිවුවැනි දිනය (22 වැනිදා) ආරම්භ වන විට ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය තරග 2 බැගින් ජය ලබා සම තත්වයේ පසුවුවද, සිවුවැනි දිනයේදී ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය 3-2 ක් ලෙස ජය ලැබූ ශ්‍රී ලංකාව තෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත් විය.

ස්විට්සර්ලන්තයට එරෙහිව පැවැති තරගය පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග 5 කින් සමන්විත විය. එහිදී පළමුවෙන්ම පැවැති පිරිමි කේවල තරගය ජයගත් ශ්‍රී ලංකාව, මිශ්‍ර යුගල තරගයේදී ස්විට්සර්ලන්තය හමුවේ පරාජයට පත් විය.

ඉන් අනතුරුව පැවැති කාන්තා කේවල තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත් වීම නිසා තරග 3 ක් අවසානයේ 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ස්විට්සර්ලන්තයට හැකි විය. කෙසේ වුවත් පිරිමි යුගල සහ කාන්තා යුගල තරගවලදී ස්විට්සර්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකාව අවසානයේදී තරග 3-2 ක් ලෙස සමස්ත තරගය ජයගැනීමට සමත් විය.

එම තරගයට පෙර පැවැති තරගවලදී ස්ලෝවැකියාව 4-1 ක් ලෙසද, ලිතුවේනියාව 5-0 ක් ලෙසද ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් විය. මූලික වටයට යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය තෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් වන අයර්ලන්තයට එරෙහිව අනිද්දා (24 වැනිදා) පැවැති වීමට නියමිතය.


ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර තරගය

පිරිමි කේවල
දිනූක කරුණාරත්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-0 ක් ලෙස ක්‍රිස්ටියන් කිච්මෙයර් (ස්විට්සර්ලන්තය) පරාජය කරන ලදි. (21/16, 21/14)

මිශ්‍ර යුගල
ඔලිවර් ස්චැලර් සහ සෙලින් බර්කාට් (ස්විට්සර්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/18, 21/18)

කාන්තා කේවල
සැබි්‍රනා ජැක්වෙට් (ස්විට්සර්ලන්තය) විසින් වට 2-0 ක් ලෙස කාවින්දි සිරිමාන්න (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/15, 21/10)

පිරිමි යුගල
සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස ඔලිවර් ස්චැලර් සහ ටොබියාස් කුයෙන්සි (ස්විට්සර්ලන්තය) පරාජය කරන ලදි. (20/22, 21/08, 21/15)

කාන්තා යුගල
තිළිණි හෙන්ඳහේවා සහ කාවින්දි සිරිමාන්න (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස සෙලින් බර්කාට් සහ සැබි්‍රනා ජැක්වෙට් (ස්විට්සර්ලන්තය) පරාජය කරන ලදි. (16/21, 22/20, 22/20)

 


අදහස් (0)

ශ්‍රී ලංකාව මූලික වටයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.