Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 4 කට ලකුණු 87

ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 4 කට ලකුණු 87

editorial - 2019 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර හුබ්ලිහී නේරූ ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භවූ දෙවැනි නිළ නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 87 කට කඩුලු 4 ක් අහිමිකරගෙන සිටියේය. ඒ අනුව ඉන්දීය ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 182 ක් පසුපසින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පසුවන්නේය.

ලකුණු 52 කට කඩුලු 4 ක් දැවී තිබියදී පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 35 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 27 ක් සහ ප්‍රියාමාල් පෙරේරා ලකුණු 15 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 269 ක් රැස්කිරීමට සමත්විය.

දක්ෂ පිතිහරඹයක නිරතවූ ශ්‍රීකාර් භාරත් පන්දු 156 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 117 ක් රැස්කරමින් ඉන්දීය ‘ඒ’ ඉනිම ගොඩනැගීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් අන්මෝල්ප්‍රීට් සිං අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය. පන්දු 116 කට මුහුණදුන් අන්මෝල්ප්‍රීට් සිංගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් කරමින් ඉන්දීය ‘ඒ’ පිලට පීඩයනක් ඇති කිරීමට ළහිරු කුමාර සමත්වූවද සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ශ්‍රීකාර් භාරත් සහ අන්මෝල්ප්‍රීට් සිං සමත්වූහ.

පන්දු යවන්නන් පස්දෙනෙකු පමණක් යොදාගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායක අෂාන් ප්‍රියංජන් පළමු තරගයේදී ලත් අත්දැකීම් යොදාගනිමින් ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්විය.

ඉදිරිපෙළ පිතිකරුවන් පිටියෙන් ඉවත්කළ ළහිරු කුමාර කඩුලු 4 ක් දවාගත් අතර පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාවක් ලබානොදුන් ලක්ෂාන් සඳකැන්ද කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය ‘ඒ’ පිල ලකුණු 300 ට අඩුවෙන් තබාගැනීමට සමත්විය.

හෙට තරගයේ දෙවැනි දිනයයි.


ඉන්දීය ‘ඒ’ පළමු ඉනිම - සියලුදෙනා දැවී 269
(ශ්‍රීකාර් භාරත් 117, අන්මෝල්ප්‍රීට් සිං 65, සිද්දේෂ් ලැඞ් 32, රාහුල් චහර් 21, ළහිරු කුමාර 53/4, ලක්ෂාන් සඳකැන් 64/4)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 87
(නිරෝෂන් දික්වැල්ල නොදැවී 27, සංදීප් වොරියර් 18/2, ශිවම් ඩුබේ 31/2)

...


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 4 කට ලකුණු 87

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.