Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල දෙවැනි පරාජයත් ලබයි

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල දෙවැනි පරාජයත් ලබයි

editorial - 2020 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන 13 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලාන) ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ (22) සහභාගි වූ දෙවැනි තරගයේදී නවසීලන්තය හමුවේ කඩුලු තුනක පරාජයක් ලැබීය. 
 
මෙය ශ්‍රී ලංකා පිල පළමු වටයේ තරග තුනෙන් පිට පිටම ලැබූ දෙවැනි  පරාජය වන අතර ඒ අනුව ශ්‍රී ලංකා පිල ශූරතා කුසලාන තරගාවලියෙන් ඉවත්වීමේ වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.  
 
බ්ලුම්ෆොන්ටෙයින්හිදී පැවැති මෙම තරගයේදී නවසීලන්ත යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 243 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 49.5 කදී කඩුලු 7 ක් දැවී සම්පූර්ණ කළේය. 
 
  නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ඩිල්ෂාන් මධුශංඛ යැවූ අවසන් ඕවරයට ලකුණු 12 ක් අවශ්‍ය වූ අතර පස්වැනි පන්දුවට හයේ පහරක් වාර්තා වීමෙන් ජය තහවුරු විය. 
 
බෙක්හම් ග්‍රීනල් පන්දු 111 කින් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය. 
 
ආරම්භක පිතිකරු රහිස් මරියු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 106 කදී හතරේ පහර හයක් සමගින් රැස්කළ ලකුණු 86 තරගයේ වඩාත් තීරණාත්මක සාධකය බවට පත්විය. 
 
රහිස් මරියු සහ බෙක්හම් ග්‍රීනල් තුන්වැනි කඩුල්ලට සැළසුම්සහගතව ගොඩනැගූ ලකුණු 111 ක සම්බන්ධතාවයෙන් නවසීලන්ත ජයග්‍රහණයට මඟ විවර කළේය.  
 
අහන් වික්‍රමසිංහ ලකුණු 64 ක් රැස්කිරීමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 242 ක් දක්වා ඒමට හැකිවිය.  
 
පළමු තරගයේදී අවස්ථාව අහිමිකළ ඉදිරි පෙළ පිතිකරු අහන් වික්‍රමසිංහ මෙහිදී අංක අට ස්ථානයේ පන්දු පහරදීමට යොමු කිරීම වඩාත් කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. 
 
අහන් එහිදී ද වේගවත් පිතිහරඹයක් ක්‍රියාත්මක කරමින් පන්දු 48 කින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත් විය. අහන්ගේ ඉනිම හතරේ පහර නවයකින් වර්ණවත් විය.
 
 අහන් සහ සොනාල් දිනූෂ හත්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 78 ක සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා පිල නැවත හිස එසවීය. සොනාල් පන්දු 52 කින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළේය. 
 
ඉනිම ගොඩනගමින් සිටි රවිඳු රෂාන්ත පන්දු 44 කින් ලකුණු 29 කට පස්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකා පිල අමාරුවේ වැටුණි. 
 
තවීෂ අභිෂේක් (25) සහ නායක නිපුන් ධනංජය (0) පන්දු හතරක් තුළ මුළු ලකුණු සංඛ්‍යාව 106 දී තෙවැනි සහ සිවුවැනි කඩුලුල ලෙස දැවී යෑමෙන් නවසීලන්ත යොවුන් පිල තරගයේ පාලනයට නතුකරගත්තේය.  
 
රවිදු සහ තවීෂ තෙවැනි කඩුල්ලට ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. නවෝද් පරණවිතාන සහ කමිල් මිෂාර ලකුණු 42 ක ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වූහ.   
 
ඉන්දියාවට එරෙහිව පළමු තරගයේදී ක්‍රීඩා කළ මතීෂ පතිරණ සහ අම්ෂි ද සිල්වා වෙනුවට මෙම තරගයට අෂාන් වික්‍රමසිංහ සහ දිලුම් සිදීර කැඳවා සිටියහ. 
 
නවසීලන්ත යොවුන් පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
 
ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වන අවසන් තරගය ජපානයට එරෙහිව ලබන සෙනසුරාදා (25) බ්ලුම්ෆොන්ටෙයින්හිදී පැවැත්වීමට නියමිතය. 
 
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම
නවෝද් පරණවිතාන - ඇ. ග්‍රීනල් ප. ඕරොයුර්ක් 23
කමිල් මිෂාර - ඇ. සන්ඩි ප. කෙනි 21
රවිඳු රෂාන්ත - ස්ටම්ප් සන්ඩි ප. ටෂ්කෝෆ් 29
තවීෂ අභිෂේක් - ඇ. සන්ඩි ප. අශෝක් 25
නිපුන් ධනංජය - ඇ. සන්ඩි ප. අශෝක් 0
සොනාල් දිනූෂ - ඇ. ක්ලාක් ප. ටෂ්කෝෆ් 46
දිලුම් සුදීර - ඇ. මරිය ප. අශෝක් 6
අහන් වික්‍රමසිංහ - ඇ. ටෂ්කෝෆ් ප. ක්ලාක් 64
කවිඳු නදීෂාන් - නොදැවී 7
අෂේන් ඩැනියල් - ප. ක්ලාක් 0
අතිරේක 21
එකතු-ව ඕවර 50 යේදී කඩුලු 9 ක් දැවී 242
පන්දුවට පහර නොදුන් පිතිකරු:
ඩිල්ෂාන් මධුශංඛ 
කඩුලු වැටීම:
1-42(නවෝද් පරණවිතාන), 2-58(කමිල් මිෂාර), 3-106(තවීෂ අභිෂේක්), 4-106(නිපුන් ධනංජය), 5-112(රවිඳු රෂාන්ත), 6-141(දිලුම් සුදීර), 7-219(සොනාල් දිනූෂ), 8-241(අහන් වික්‍රමසිංහ), 9-242(අෂේන් ඩැනියල්) 
පන්දු යැවීම:
ජෝයි ෆිල්ඞ්: 9-2-55-0, ක්‍රිස්ටියන් ක්ලාක්: 8-1-36-2, විලියම් ඕරොයුර්ක්: 6-0-23-1, සීමන් කෙනී: 7-0-46-1, ආදිත්‍ය අශෝක්: 10-0-38-3, ජෝසි ටෂ්කෝෆ්: 10-1-40-2
 
නවසීලන්ත වයස 19 න් පහළ කණ්ඩායම
රහිස් මරියු - ක. මූ. කළා ප. නවෝද් 86
ඔලි වයිට් - ඇ. නිපුන් ප. ඩැනියල් 4
ෆර්ගස් ලිල්මන් - ඇ. පරණවිතාන ප. දිලුම් 13
බෙක්හම් ග්‍රීනල් - දුවද්දී දැවී ගියා 80
ජෝසි ටෂ්කෝෆ් - ඇ. දිනූෂ ප. මධුශංඛ 30
සීමන් කෙනී - දුවද්දී දැවී ගියා 3
කුයුයින් සන්ඩි - ඇ. මතීෂ ප. දිලුම් 2
ජෝයි ෆිල්ඞ් - නොදැවී 5
ක්‍රිස්ටියන් ක්ලාක් - නොදැවී 9
අතිරේක 11
එකතුව ඕවර 49.5 කදී කඩුලු 7 ක් දැවී 243
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
ආදිත්‍ය අශෝක්, විලියම් ඕරොයුර්ක්
කඩුලු වැටීම:
1-15(ඔලි වයිට්), 2-47(ෆර්ගස් ලිල්මන්), 3-158(රහිස් මරියු), 4-217(ජෝසි ටෂ්කෝෆ්), 5-221(සීමන් කෙනී), 6-229(බෙක්හම් ග්‍රීනල්), 7-229(කුයුයින් සන්ඩි)
පන්දු යැවීම:
ඩිල්ෂාන් මධුශංඛ: 9.5-0-56-1, අෂේන් ඩැනියල්: 10-0-30-1, දිලුම් සුදීර: 10-0-52-2, නවෝද් පරණවිතාන: 9-0-43-1, කවිඳු නදීෂාන්: 10-0-48-0, සොනාල් දිනූෂ: 1-0-7-

- 048

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල දෙවැනි පරාජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.