Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල තවමත් සිව්වැනි ස්ථානයේ

ශ්‍රී ලංකා පිල තවමත් සිව්වැනි ස්ථානයේ

රොෂාන් ගුණරත්න - 2019 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සංවිධානය කරන ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 2 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව මේ වනවිට ලකුණු 60 ලබා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි. මේ දක්වා නවසීලන්තයට එරෙහිව පැවැති තරගාවලියට පමණක් සහභාගි වී ඇති ශ්‍රී ලංකාව, එහිදී තරගයක් ජයගත් අතර තරගයක් පරාජයට පත්විය.

තරග 2 කින් සමන්විත තරගාවලියකදී තරගයක් ජයගන්නා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 60 ක් හිමිවන අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ප්‍රසාද ලකුණු 20 බැගින් කණ්ඩායම් දෙකට හිමිවනු ඇත. ලකුණු සමවීමෙන් තරගයක් අවසන් වුවහොත් ප්‍රසාද ලකුණු 30 බැගින් කණ්ඩායම් දෙකට හිමිවනු ඇත.

තරගාවලි 3 කදී තරග 7 කට සහභාගිවි සියලුම තරග ජයගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු 360 ක් හිමිකර ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි. තරග 7 කට සහභාගිවී ඉන් තරග 4 ක් ජයගත් ඕස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු 176 ක් හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් තරග 2 ක් පරාජයට පත් වී ඇති අතර තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

ප්‍රසාද ලකුණු 60 ක් ලබාගත් නවසීලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 56 ක් ලබාගත් එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන්නේය. බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම්වලට තවමත් ප්‍රසාද ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.


අදහස් (0)

ශ්‍රී ලංකා පිල තවමත් සිව්වැනි ස්ථානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.