Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පහසු ජයග්‍රහණ ලබති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පහසු ජයග්‍රහණ ලබති

editorial - 2019 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දැල්පන්දු ක්‍රීඩාවට ආධුනික නේපාලය හා දකුණු කොරියාව ඉතා පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජපානයේදී දැන් පැවැත්වෙන 11 වැනි ආසියානු යොවුන් දැපන්දු තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබා ගත්හ.

ජපානයේ කෂිමා නගරයේදී රටවල් 11 ක සහභාගිත්වයෙන් ආරම්භ වූ තරගාවලියේ ආසන්නම ජයග්‍රහණය ඊයේ (30 වැනිදා) වාර්තා කළ ශ්‍රී ලංකාව නේපාලයට එරෙහිව ලකුණු 136 - 7 ක දැවැන්ත ජයක් ලැබීය.

තරගයේ තෙවැනි වටයේදී නේපාල ක්‍රීඩිකාවන්ට කිසිදු ලකුණක් ලබා නොදීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වගබලා ගත්හ.

නේපාලයට එරෙහි තරගයේ වට හතරේදී 37-01, 42-01, 37-0, 20-05ක් ලෙස ඉතා පහසුවෙන් වට හතරම ජය ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගාවලිය ආරම්භ වූ සෙනසුරාදා (29) ශ්‍රී ලංකාව ලකුණු 95 - 07ක් ලෙස සිය පළමු තරගය ජය ලැබීය. ඒ වට හතරේදී 37-1, 23-01, 18-02, 17-03ක් ලෙස ලකුණු වාර්තා කරමිනි.

උපනායිකා මෙලනි අමා විජේසිංහ කණ්ඩායම් පන්දු විදින්නිය ලෙස තරග දෙකේදීම තමන්ට පිරිනැමුණු පන්දුව වඩාත් සාර්ථක අයුරින් ලකුණු බවට පරිවර්තනය කිරීමට සමත්වූවාය. ඇය විශාඛා විදුහලේ සිසුවියකි.

දකුණු කොරියාවේ ජෙන්ජු නුවරදී වසර දෙකකට ඉහතදී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානය ලැබීය. එහිදී මූලික වටයේදී ශ්‍රී ලංකාව ලකුණු 53 - 48 කින් පරාජය කළ තායිලන්තය මෙවර තරගාවලියේදීත් හෙට (3) මුණගැසීමට නියමිතය.

කෙසේ වුවත් පසුගිය තරගාවලියේදී ශූරතාව දිනාගත් ප්‍රබල සිංගප්පූරුව ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට මුණගැසේ. තායිලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට අපහසුවක් නොවන තත්ත්වයක් තුළ ජූලි 6 වැනිදා පැවැත්වෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ වඩාත් පහසු අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පහසු ජයග්‍රහණ ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.