Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු ඉරණම

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු ඉරණම

Nisanka Sandeepani - 2018 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ ඩකා නුවරදී දැන් පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන (සාෆ්) කුසලාන තරගාවලියේදී  ඊයේ පැවැති තරගයකදී ඉන්දියාව ගෝල 2-0 කි න් ශ්‍රී ලංකාව පරාජය කරන ලදි.  

තරගාවලිය ආරම්භයට පෙර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති සුහද ජාත්‍යන්තර තරගයේදී ගෝල 1-0 කින් ශ්‍රී ලංකාව ජය ලැබූ හෙයින් බංග්ලාදේශ ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වූයේ ඊයේ පැවැති තරගය ද ජයග්‍රහණ කර තරගාවලියේ අවසන් තරගය තෙක් ශ්‍රී ලංකාව ඉදිරියට යනු ඇතැයි යන්නය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන ගැන තවමත් බලාපොරොත්තු තැබිය හැකි අතර මාලදිවයින සමග හෙට සහභාගිවන දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් මෙම 9 දා පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වෙන ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයේ විසඳුම ගැන අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.

දකුණු ආසියානු පාපන්දු (සාෆ්) තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉන්දියාව පරාජය කර ඇත්තේ 1995 කොළඹ පැවැති සාෆ් රන් කුසලාන අවසන් තරගයේදී පමණි. එම ශූරතාව ශ්‍රී ලංකාව දිනා වසර 23ක් මේ වනවිට ගතවී ඇත. එදා මෙදා තුර කිසිදු තරගයකදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වී නැත.

ඉන්දු - ශ්‍රී ලංකා තරගයේ ප්‍රථම භාගය අවසන් වනවිට ඉන්දියාව ගෝල 1-0 ක් ලෙස ඉදිරියෙන් පසුවිය. තරගයේ 34 වැනි මිනිත්තුවේදී අසිකි්‍යු කුරුනියන් ඉන්දීය ප්‍රථම ගෝලය වාර්තා කළ අතර හෙතෙම දැලට මීටර 20ක පමණ ඉදිරියෙන් සිට විවෘත ගෝලයක් ලෙස එය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ මුල් භාගයේ 15 වැනි මිනිත්තුවේදී ඉන්දියාවටද 17 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාවට ද දඬුවම් පහර මගින් ගෝල වාර්තා කිරීමේ අවස්ථා හිමි වූ නමුදු දෙපිලේම දැල රකින්නන් එම අවස්ථා ව්‍යර්ථ කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා නායක සුභාෂ් මදුෂාන්ගෙන් තරගයේ මුල් භාගයේ දී බලාපොරොත්තු වූ දක්ෂතා නොමැතිවීම නිසා 39 වැනි මිනිත්තුවේදී හෙතෙම පිටියෙන් ඉවතට ගැනීමට පුහුණුකරු පකීර් අලී මහතා පියවර ගැනීම ද විශේෂ සිද්ධියක් විය.

ඉන්දීය කණ්ඩායමේ දෙවැනි ගෝලය 47 වැනි මිනිත්තුවේදී ලල්ලියන් ෂුලා චහන්ගේට් විසින් වාර්තා කරන ලදී. ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙට (07) මාලදිවයින සමග පැවැත්වෙනු ඇත.

මේ අතර ඉන්දීය කණ්ඩායම වෙතින් ලැබූ පරාජය සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු පකීර් අලී මහතා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තමන් බලාපොරොත්තු වූ දක්ෂතා ප්‍රදර්ශනය නොවූ බව පැවැසීය.

“මම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවතක්සේරු කරන්නේ නැහැ. හේතුව අපේ ක්‍රීඩකයන් ඉන්දියාව ඉදිරියේ තරගයට සහභාගි වූයේ කිසියම් මානසික පීඩනයක් මතයි. අපේ ක්‍රීඩකයන් වරෙක පසුබෑමකට පත්වුවත් වරෙක ඉදිරියට ගියා” යැයි පැවැසීය.

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු ඉරණම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.