Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - ලිතුවේනියා තරගය ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා - ලිතුවේනියා තරගය ජය පැරදුමෙන් තොරයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව හා ලිතුවේනියාව අතර රීඩ් මාවත නව ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (8) පැවැති සුහද පාපන්දු තරගය නිලකුණු තත්ත්වයෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව විදේශීය කණ්ඩායමකට එරෙහිව පාපන්දු තරගයකට සහභාගී වූයේ වසර දෙකකට පසුවය. පාසල් සිසුන් දෙදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරය යොවුන් වියේ පසුවන නවක ක්‍රීඩකයෝ වූහ.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙක්ද ලිතුවේනියානු කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙක්ද ආදේශ කරමින් තරගයට මුහුණ දුන්නද දෙපිලටම ගෝලයක් ලබාගත නොහැකිවිය.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ මොහොමඞ් අෆිල් තරග විනිසුරු ඩිලාන් පෙරේරා මහතා වෙතින් දැඩි අවවාද ලබන කහ කාඞ්පත ලැබීය. තරගය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රූමි පකීර් අලි මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව තක්සේරුවක් ලබාගැනීමට මෙම තරගය නිරීක්‍ෂණය කළ බවත් එහිදී එහි නවක ක්‍රීඩකයන් ඉතා හොඳ මට්ටමක පසුවන බව තහවුරු වූ බවත්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතැන් සිට ජාත්‍යන්තර තරග පිටියේ හොඳ ප්‍රවේශයක් ලබා ගැනීම පිළිබඳව ඊයේ තරගයෙන් විශ්වාසය ගොඩ නැගුණු බවත් පුහුණුකරුවා වැඩිදුරටත් පැවසීය.

අති විශාල පිරිසක් නැරඹූ මෙම තරගය සඳහා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා සහ හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ ලෙස සහභාගී වූහ.

ලිතුවේනියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් අට දෙනකු සංචාරක කණ්ඩායමට ඇතුළත්ව සිටියි. සංචාරක ලිතුවේනියානු පාපන්දු පිල සහ ශ්‍රී ලංකා “බී” සංචිත කණ්ඩායම අතර තරගය අනිද්දා (11) පස්වරු 6.30 ට රීඩ් මාවත  ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

GA-1 GA-2

තරගයේ විශේෂ අවස්ථා

ඡායාරූප - ළහිරු හර්ෂණ


අදහස් (0)

ශ්‍රී ලංකා - ලිතුවේනියා තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.