Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේල්ස් ක්‍රීඩකයෝ අපරාජිතවම ඉදිරියට

වේල්ස් ක්‍රීඩකයෝ අපරාජිතවම ඉදිරියට

editorial - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුමමෝටෝහිදී අද (13) පැවැති ලෝක කුසලාන රග්බි තරගයේදී උරුගුවේ පිල ලකුණු 35-13 කින් පරාජය කරමින් පළමු වටයේ තරග හතරම ජය ලැබීමට වේල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. වේල්ස් ක්‍රීඩකයන් ලබාගත් මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු 19 ක් හිමිකරගනිමින් ‘ඩී’ කාණ්ඩයේ පළමු ස්ථානය බවට පත්වෙමින් අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියේය.

පළමු ලෝක කුසලාන තරගාවලියේදී 1987 වසරේ තෙවැනි ස්ථානය හිමිකරගත් වේල්සය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ හයවැනි අවස්ථාව මෙයෙ වේ.
 
වේල්සය 1987 පළමු ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එනම් වසර 22 කට පසුව පළමු වටයේ සියලුම තරග ජය ලැබූ පළමු අවස්ථාව ද මෙය වේ. ඕස්ටේ්‍රලියාව තරග හතරෙන් තරග තුනක් ජය ලබා ප්‍රසාද ලකුණු 16 ක් හිමිකරගනිමින් ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි කණ්ඩායම ලෙස අර්ධ අවසන් පූර්ව සටනට පැමිණියේය.
 
ජයග්‍රාහි වේල්ස් පිල ගෝල පහකින් ලකුණු 35 රැස්කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට වඩාත් ශක්තිමත් මානසිකත්වයකින් පිවිසීමට පරිසරය සකස්කරගත්තේය.
 
උරුගුවේ පිල ගෝලයකින් සහ දඩුවම් පහර දෙකකින් ලකුණු 13 ක එකතු කරගත්තේය.
 
වේල්ස් ක්‍රීඩකයන් අර්ධ අවසන් පූර්ව තරගය සඳහා ආරක්‍ෂාවීමේ උපායක නිරතවීම නිසා පළමු අර්ධයේදී උරුගුවේ පිල යම් පාලනයක් තබාගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලයෙන් වේල්ස් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 7-6 ක් ලෙස ලකුණකින් පමණක් පෙරමුණේ සිටියේය.

වේල්ස් ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වෙමින් තවත් ගෝල හතරකින් ලකුණු 28 ක් රැස්කරමින් ඉලක්කය සම්පූර්ණ කරගැනීමට සමත් වූහ.
 
උරුගුවේ පිල දෙවැනි අර්ධයේදී ගෝලයක් සාර්ථක කළ ද එය ප්‍රබල වේල්ස් පිල ආසන්නයටවත් පැමිණීමට ප්‍රමාණවත් නොවීය.
 
‘ඩී’ කාණ්ඩයේ සිටි ප්‍රබල කණ්ඩායමක් වන ෆීජි කණ්ඩායම දෙවැනි තරගයේදී උරුගුවේ පිල හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජයේ ද බලපෑම හේතුවෙන් පළමු වටයෙන් ඉවතට විසිවිය.
 
වේල්සය සහ ප්‍රංශය අතර අර්ධ අවසන් පූර්ව තරගය මේ මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.  

 

048


අදහස් (0)

වේල්ස් ක්‍රීඩකයෝ අපරාජිතවම ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.