Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේල්සය අර්ධ අවසන් පූර්ව තරගයට

වේල්සය අර්ධ අවසන් පූර්ව තරගයට

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේල්සය ලකුණු 29-17 කින් ෆීජි පරාජය කරමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (09) සමත් විය. මෙම තීරණාත්මක තරගය ඔයිටාහිදී ඊයේ පස්වරුවේ පැවැත්විණි.

පළමු වටයේ ‘ඩී’ කාණ්ඩයේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී වේල්සය සහ ඕස්ටේ්‍රලියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර එම තරග දෙකේ ප්‍රතිඵල අනුව පළමු සහ දෙවැනි ස්ථාන තීරණය වේ.   
උරුගුවේ හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජයත් සමඟ ප්‍රබල ෆීජි පිලට පළමු වටයේ තරග හතරෙන් තරග දෙකක් පරාජයට පත්වීමෙන් පළමු වටයෙන්ම ගෙදර යෑමට සිදුවිය.

වේල්ස් පිල ගෝල තුනකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු 29 රැස්කළේය. ෆීජි පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු එකතු විය.  

මෙම තරගය ආරම්භයේ සිටම දෙපිලට දෝලනය වූ අතර 69 වැනි මිනිතත්ුවේදී වේල්සයට එකතු වූ උත්සාහක දිනුමෙන් ෆීජි බලාපොරොත්තු ඈත්විය.

වේල්ස් ක්‍රීඩකයෝ තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-10 ක් ලෙස පෙරමුණේ පසුවිය.
ෆීජි ක්‍රීඩක ජොසුවා ටුයුසෝවා සිවුවැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. එහි ගෝල ප්‍රවර්ථනය අසාර්ථක වීමෙන් ලකුණු පුවරුව 5-0 ක්ව තිබියදී ෆීජි ඉදිරියට ඇදුණේය.

තරගයේ 11 වැනි මිනිත්තුවේදී ෆීජි පිලට එකතු වූ දෙවැනි උත්සාහක දිනුමත් සමඟ ලකුණු තත්ත්වය 10-0 ක් බවට පත්විය.

වම් පස කොඩි කණුව අසලින් 18 වැනි මිනිත්තුවේදී වේල්ස් පිලේ ජෝස් ඇඩම්ස් සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඬේන් බිගර් ගෝලයක් බවට ප්‍රවර්ථන කිරීමෙන් ලකුණු පුවරුව 10-7 ක් බවට පෙරලුණි.

ජෝයි ඇඩම්ස් 31 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට දෙවැනි උත්සාහක ඩේන් බිගර් අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ වේල්සය ලකුණු 14-10 ක් ලෙස පළමු වරට පෙරමුණට පැමිණියේය.

වේල්සය මිනිත්තු 23 ක් රදවාගෙන තිබූ වාසියට තිත තබමින් ෆීජි පිලට එකතු වූ දඩුවම් පහර ගෝලයත් සමඟ ලකුණු පුවරුව 17-14 ක් බවට පත්වෙමින් ෆීජි ඉදිරියට පැමිණියේය.

සේල්සයට ඉන් මිනිත්තු හතරකට පසුව එනම් 58 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරකින් එකතු වූ ලකුණු තුනත් සමගින් 17-17 ක් ලෙස ලකුණු සම විය.

මෙම තරගයේදී වේල්ස් පිලේ ගැළවුම්කරු බවට පත්වූ ජෝයි ඇඩම්ස් 61 වැනි මිනිත්තුවේදී තෙවැනි උත්සාහක දිනුම එකතු කරමින් ලකුණු 22-17 ක් ලෙස වේල්සය නැවතත් පෙරමුණට ගත්තේය.

ෂේන් විලියම්ස් 69 වැනි මිනිත්තුවේදී වේල්සයට එකතු කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු 27-17 ක් ලෙස ලකුණු 10 කින් ඉදිරියට පැමිණියා මෙන්ම අතිරේක ප්‍රසාද ලකුණ ද වේල්සයට එකතු විය.

- 048

 


අදහස් (0)

වේල්සය අර්ධ අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.