Last Update  :  2024-03-18 18:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විද්යුත් මෝටර් රථ තරග පවුලේ දෙයක්
පිළිසඳර

විද්යුත් මෝටර් රථ තරග පවුලේ දෙයක්

editorial - 2020 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

ශ්‍රී ලංකාවට ආගන්තුක ක්‍රීඩාවක් වන ඊ රේසිං තරගාවලියේ පළමු වැනි ශූරයා බවට පත්වීමට ආසියානු ජාත්‍යන්තර පාසලේ 14 හැවිරිදි සිසුවෙකු වන කැල්වින් කිංස්ලි පසුගියදා සමත්විය. මෙම ඊ රේසිං තරගාවලිය සඳහා 100 කට අධික තරගකරුවන් ප්‍රමාණයක් සහභාගීවූ අතර ඒ සඳහා ඔවුහු ජාත්‍යන්තර මට්ටමේ ප්ලේස්ටේෂන්-4 තාක්‍ෂණය භාවිතා කළහ.

සමස්ත තරගාවලියේදී ලබාගත් ලකුණු මත ශූරතාවලියේ අවසාන තරඟය සඳහා කැල්වින් සුදුසුකම් ලබාගත්තේය. තරගාවලියේ මූලික අදියර 3 මාතරදී සහ කොළඹදී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවට ආගන්තුක වූ මෙම ක්‍රීඩාවේ පළමු ශූරයා සමග කළ පිළිසඳරක් මෙසේ සටහන් වෙයි.

 

ප්‍රශ්නයඃ ආරම්භක ඊ රේසිං ශූරතාවලියේ ජයග්‍රාහකයා වීම ගැන හැඟෙන්නේ කොහොමද?
පිළිතුර: ඒක ඇත්තටම නියමයි. මෙතරම් විශාල තරඟ කරුවන් පිරිසකට එරෙහිව ජයග්‍රහණය කිරීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. අවසන් මහා තරඟයේදී අපට විශාල පිරිසක් හමුවුණා. ශූරතාව දිනා ගැනීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. මගේ දෙමව්පියන්ට සහ මගේ උපදේශකයාට ස්තූති කරන්න කැමතියි. ඔවුන් සියලු දෙනාගේ උදව් සහ මග පෙන්වීම නොමැතිව මට මෙය කරන්න බැරි වෙනවා.

 

ප්‍රශ්නයඃ ඔබ ඊ රේසිං ක්‍රීඩා කිරීමට පටන් ගත්තේ කුමක් සඳහාද?
පිළිතුර: මගේ තාත්තයි මමයි නිතරම ප්ලේස්ටේෂන් තාක්‍ෂණය භාවිතා කරමින් මෝටර් රථ තරග වලට එනවා. පවුලේ අය ධාවන තරඟවලටද ප්‍රිය කරනවා. එබැවින් මම අනුමාන කරනවා එය පවුල තුළ පවතින දෙයක් කියලා. මෙම නව නැගී එන ක්‍රීඩාව ගැන මගේ පියාගේ මිත්‍රයෙක් අපට කිව්වා. මම එය අත්හදා බලමින් ගොඩක් සතුටු වුනා. ඔවුන් මා වෙනුවෙන් උපකරණ මිලදී ගත්ත නිසා මාතර පැවති පළමු වටයේ ශූරතාවය දිනා ගැනීමට මම පුහුණුවීම් කළා.

කොරෝනා වයිරසය හේතුවෙන් අගුලු දැමීමේ කාලය තුළ, අප නිවස තුළ සිරවී සිටිය බැවින් බොහෝ දේ කිරීමට නොහැකි වුනා. පාසලේ ඉගැන්වීම් කටයුතුද අන්තර්ජාලය ඔස්සේ සිදුවූ නිසා, මට පුහුණු වීමට කාලය තිබුණ නිසා මා එය සන්තෝෂයෙන් පුහුණු වුණා.

පසුව සිලෝන් මෝටර් රථ ක්‍රීඩා සමාජය (සී.එම්.එස්.සී) ඔවුන්ගේ “රේස් ෆ්‍රොම් හෝම් ශූරතාවලිය” ආරම්භ කළා. එය තවමත් ක්‍රියාත්මකයි. තිරයක් දෙස බලා සිටිමින් ඔබේ කාලය ගත කිරීමට හය හොඳ ක්‍රමයක් වන අතර අනෙක් සෑම සති අන්තයකම පැවැත්වෙන තරග මම රස වින්දා. මගේ පියා සහ මව දෙදෙනාම ධාවන තරඟවලට කැමති නිසා ඔවුන්ද මට මේ සඳහා සහයෝගය දැක්වූවා.


ප්‍රශ්නයඃ ඔබ කොපමණ කාලයක් ක්‍රීඩා කළාද?
පිළිතුර: මම ක්‍රීඩාකිරීම ආරම්භ කළේ පසුගිය වසරේ ඉඳලා. මම ප්ලේස්ටේෂන් එකේ තරග කළා, නමුත් මගේ මතකයේ හැටියට බරපතල විදියට පුහුණුවීම් කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ ඉඳලා.


ප්‍රශ්නයඃ ඔබ හිතන ආකාරයට සැබෑ ජීවිතයේදී ඊ රේසිං ක්‍රීඩාව ඔබට උපකාර කර ඇත්තේ කෙසේද?
පිළිතුර: අවධානය යොමු නොකර පාඩම් කරන විට, ඔබ නිසි ලෙස ඉගෙන ගත් දේ ඉගෙන ගැනීමට හෝ මතක තබා ගැනීමට නොහැකි වෙනවා. ධාවන තරඟයේදී, අවධානය යොමු නොකර, ඔබට අනතුරක් සිදුවුනොත් තරඟයෙන් ඉවත්වෙන්න වෙනවා. එය එතරම්ම සරලයි.

අන්තර්ජාල තරඟ මගේ මානසික ඒකාග්‍රතා ශක්තිය සහ මගේ අවධානය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. මෙය මගේ අධ්‍යයන කටයුතුවලදී ද ඉවහල් වෙනවා. මගේ රියදුරු බලපත්‍රය ලබාගෙන සැබෑ ජීවිතයේ මාර්ගවල නිල වශයෙන් රිය පැදවීමට මට හැකි වූ විට මට ආරක්ෂිත රියදුරෙකු වීමට රේසිං උපකාරී වෙනවා.


ප්‍රශ්නය: ඔබ දැන් තරඟය සඳහා භාවිතා කරන ඉගෙනීම් මොනවාද?
පිළිතුර: උපාය මාර්ග ඉතා වැදගත්. තරඟයෙ ක්‍රීඩාකරන අනෙක් අයගේ ශක්තීන් හා දුර්වලතා දැන ගැනීම තවත් එකක්. මම “රේස් ෆ්‍රොම් හෝම් ශූරතාවලිය” සඳහා ක්‍රීඩා කර ඇති නිසා එය මට ඉවහල්වුනා මෙම තරගාවලිය තේරුම් ගැනීමට. මම ලොව පුරා සිටින ධාවකයන් සමඟ අන්තර්ජාල ධාවන තරඟවල ක්‍රීඩා කරලා තියෙනවා. එය සමස්තයක් වශයෙන් මගේ ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට උපකාරී වුනා. මගේ ප්ලේස්ටේෂන් 4 එක අලුත්වැඩියා කිරීමට සිදු වූ විට මට ඔහුගේ ප්ලේස්ටේෂන් 4 එක ණයට දුන් ශෙරාන් කුක් මාමාට, මගේ දෙමව්පියන්ට, ෂෙරාන් ප්‍රනාන්දු මාමාට නැවත වරක් ස්තූති කිරීමට මම කැමතියි.


- 2079

 


අදහස් (0)

විද්යුත් මෝටර් රථ තරග පවුලේ දෙයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.