Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැරදි හදාගන්න හොඳ අවස්ථාවක් - චන්දිමාල්

වැරදි හදාගන්න හොඳ අවස්ථාවක් - චන්දිමාල්

Nisanka Sandeepani - 2018 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලට පසුගිය තරගාවලිවලදී වැරදුණු තැන් සොයමින් සිටින බවත් එළඹෙන එංගලන්ත තරගාවලිය වැරදි හදාගැනීමට හොඳ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (03) පැවසීය. 
 
සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර මේ මස 10 වැනිදා දඹුල්ලේදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (03) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී චන්දිමාල් වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 
 
“අපි දැන් සොයමින් ඉන්නවා අපිට කොතනද වැරදුණේ කියලා. අපි මේ වන විට ටිකක් හඳුනාගෙන තියෙනවා. තව හඳුනාගන්න තියෙනවා. ඒ හදාගෙන ක්‍රීඩා කළ යුතුයි”
 
“අපි දන්නවා එංගලන්ත කණ්ඩායම ලෝකයේ එක්දින ක්‍රිකට් පිටියේ අංක එකේ කණ්ඩායම. ඔවුන් එම තත්ත්වයේ ඉන්නෙ දක්‍ෂතා දක්වලයි. අපිත් හොඳ මානසික මට්ටමක ඉන්නවා. ලෝක කුසලාන තරගාවලියට පෙර සහභාගි වන තරගාවලියක් වීම නිසා මෙම තරගාවලිය ජයග්‍රහණයෙන් අවසන් කරන්න ලැබුණොත් ඉහළ මානසිකත්වයක් ලබාගැනීමට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා” යැයි චන්දිමාල් වැඩි දුරටත් පැවසීය. 
 
එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඔයින් මෝගන් පැවසුවේ තම රටේදී 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේදී මෙම තරගාවලිය වඩාත් වැදගත් වන බවයි. 
 
“අපි ශ්‍රී ලංකාවේදී 2014 වසරේ සහභාගි වූ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාර, මහේල සහ මැතිව්ස් ක්‍රීඩා කළා. ඒක වෙනස් කණ්ඩායමක්. මෙවර වෙනස් කණ්ඩායමක් වගේම වෙනස් අභියෝගයක්” වනු ඇතැයි ද මෝගන් එහිදී වැඩි දුරටත් පැවසීය.
 
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පිලේ පුහුණුකරු චන්දික හතුරුසිංහ, එංගලන්ත පිලේ පුහුණුකරු ටේ‍රවර් බේලිස්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ ‘ජැට්’ හෝල්ඩින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ඊලියන් ගුණවර්ධන යන මහත්වරු ද සහභාගි වූහ.
 
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)  
 
 

අදහස් (0)

වැරදි හදාගන්න හොඳ අවස්ථාවක් - චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.