Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැන්ඩසේ - දසුන් විස්සයි20 සංචිතයට

වැන්ඩසේ - දසුන් විස්සයි20 සංචිතයට

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (6 වැනිදා) පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගය සඳහා නම කර ඇති ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ සහ තුන් ඉරියවු ක්‍රීඩක දසුන් ශානක කැඳවා තිබේ.

ආබාධයකට ලක්ව සිටි ජෙෆ්රි වැන්ඩසේ, මේ වසරේදී සහභාගි වන පළමු විස්සයි20 තරගය මෙය වන අතර ඉකුත් වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව මේ දක්වා ඔහු විස්සයි20 තරගයකට සහභාගි වී නොමැත. මෙතෙක් විස්සයි20 තරග 7 කට ක්‍රීඩා කර ඇති වැන්ඩසේ එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 4 කි.

මේ වසරේ පෙබරවාරි මාසයේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියට සහභාගි වූ දසුන් ශානකද එම තරගාවලියෙන් පසුව නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති අතර මේ දක්වා විස්සයි20 තරග 12 කට ක්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 112 ක් රැස්කරමින් කඩුලු 6 ක් දවාගැනීමට සමත්ව සිටියි.

උපුල් තරංග විස්සයි20 කණ්ඩායමේ ස්ථිර නායකයා බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය මෙය වන අතර එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ක්‍රීඩකයන් වන ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල් සහ විකුම් සංජයද විස්සයි20 සංචිතයට කැඳවා සිටිති.

මේ අතර එක්දින තරගාවලියේදී දිගින් දිගටම අසාර්ථක වූ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට මෙම විස්සයි20 තරගයේදී විවේකයක් ලබාදීමට තේරීම් කමිටුව පියරව ගෙන තිබේ.

ආබාධයකට ලක්ව සිටින ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද සංචිතයට ඇතුළත් කර නොමැති අතර බොහෝ දුරට මෙම තරගයේදී ධනුෂ්කගේ ස්ථානය ඩිල්ෂාන් මුණවීරට හිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
එක්දින තරගාවලියට ක්‍රීඩා කළ චාමර කපුගෙදර, මාලින්ද පුෂ්පකුමාර, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර සහ විෂ්ව ප්‍රනාන්දු යන ක්‍රීඩකයන්ටද විස්සයි20 සංචිතයේ ස්ථානයක් හිමිවී නැත.


ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය
උපුල් තරංග (නායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර, දසුන් ශානක, වනිඳු හසරංග, මිලින්ද සිරිවර්ධන, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ඉසුරු උදාන, සීක්කුගේ ප්‍රසන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ විකුම් සංජය

 


අදහස් (1)

වැන්ඩසේ - දසුන් විස්සයි20 සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.