Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ණපුර - මියැන්ඩාඩ් විශේෂ ආරාධිතයෝ වෙති

වර්ණපුර - මියැන්ඩාඩ් විශේෂ ආරාධිතයෝ වෙති

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ හිටපු ටෙස්ට් නායකයන් වන බන්දුල වර්ණපුරට සහ පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩාඩ්ට මේ මස 11 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා - පාකිස්තානු පළමු ටෙස්ට් තරගයේ විශේෂ අමුත්නත් ලෙෂ ආරාධනා කර තිබේ. මෙම හිටපු ක්‍රීඩකයන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය  ඇගයීමට ලක් කිරීමේ අරමුණින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම ආරාධනාව කර ඇත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය මෙම මස 11 සිට 15 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු වැනි ටෙස්ට් තරගය 1982 මාර්තු මාසයේදී පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගනයේදී පැවැත්විණ. එහිදී බන්දුල වර්ණපුර සහ ජාවෙඩ් මියැන්ඩාඩ් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් නායකයෝ වූහ. එම ටෙස්ට් තරගයේදී ලකුණු 396 ක් සහ 4/301 ක් ලබාගත් පාකිස්තානය ලකුණු 204 ක ජයක් හිමිකරගත්තේය. ශ්‍රී ලංකා පිලට රැස්කරගත හැකිවූයේ ලකුණු 344 ක් සහ 149 ක් පමණි.

මෙම කීර්තිමත් හා ගෞරවනීය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා දෙසැම්බර් 10 වන දින තරගාවලියේ කුසලානය සමග  ඡායාරූප  ගැනීම සඳහා සහභාගී  වෙති.  ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා ආහාර විවේකයේදී මෙම ක්‍රීඩකයින් දෙදෙනාට විශේෂ යමක් තිළිණ කෙරෙනු ඇත.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සභාපති එෂාන් මානි මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.

“කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද  අප කළ ආරාධනය පිළිගැනීම පිළිබඳව මෙම විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට මා ස්තුතිවන්ත වෙනවා.  මෙයින් අදහස් කරන්නේ පාකිස්තානයට සහ ලොව පුරා සිටින එහි ක්‍රිකට් අනුගාමිකයින් වෙනුවෙන් ඔවුන් පැමිණෙන බවයි”

“දෙසැම්බර් 11 වැනි දින  පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වනු ඇතැයි මා අපේක්ෂා කරනවා.  ඒ අවස්ථාව බන්දුල වර්ණපුර සහ ජාවෙඞ් මියැන්ඩාඞ් සමග සැමරීම කාලෝචිතයි කියා මා හිතනවා” යයි පැවසූ එෂාන් මානි මහතා..

“බන්දුල වර්ණපුර සහ ජාවෙඩ් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිමාවන් බඳු වන්නේ ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අසමසම සේවාව නිසායි. ඒ වගේම පාකිස්තාන ක්‍රිකට් කමිටුව සිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගරු කරනවා වගේම ඔවුන්ගේ වටිනාකම අවබෝධ කරගෙන ඉන්නේ” යැයිද පැවසීය.

 

....


අදහස් (0)

වර්ණපුර - මියැන්ඩාඩ් විශේෂ ආරාධිතයෝ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.