Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලක්ෂිත - නිකිටා සර්ෆිං ශූරතා දිනති

ලක්ෂිත - නිකිටා සර්ෆිං ශූරතා දිනති

editorial - 2020 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හික්කඩුව වෙරළ තීරයේදී සිව්වැනි වරටත් පැවැති රෙඞ්බුල් ‘රයිඞ් මයි වේව්’ සර්ෆිං තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ලක්ෂිත මදුෂාන්ද, කාන්තා ශූරතාව දිනාගැනීමට නිකිටා රොබ්ද සමත් වූහ.

ශ්‍රි ලංකා සර්ෆිං සම්මේලනයේ විනිශ්චය සහ කළමනාකාරීත්වය යටතේ දෙස් විදෙස් සර්ෆිං ක්‍රිඩක ක්‍රීඩිකාවන් 100 ට අධික පිරිසකගේ සභභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලිය දැඩි තරගකාරී ස්වාභාවයක් ගත්තේය.

එහිදී පිරිමි කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට නදීන් සම්පත් සමත් වූ අතර එහි තෙවැනි ස්ථානය ඬේවිඞ් සොලමන්ට හිමිවිය. කාන්තා කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගැනීමට පිළිවෙලින් නිකොලා ජැන්සන් සහ සාරා සැග්ව් සමත් වූහ.

ජාත්‍යන්තර සර්ෆිං සම්මේලනයේ පළමු කාණ්ඩයේ විනිසුරුවකු වන ලහිරු වීජේසේකර මහාතා තරගාවලියේ විනිසුරු මඬුල්ලේ නායකත්වය ගෙන කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සර්ෆිං ශූරයා වූ ප්‍රවීණ තරග අධ්‍යක්ෂක ජී.පී.ජී. සන්දික තුෂාර මහතාද ඊට සහයෝගය දැක්වීය.

දින දෙක පුරා තරග වට 30 ට ආසන්න ප්‍රමාණයක් පැවැති මෙම තරගාවලිය, අර්ධ අවසන් පූර්ව වටයකින්, අවසන් පූර්ව වටයකින් සහ අවසන් මහා තරගයකින් සමන්විත විය.

එහිදී තරගකරුවන්ගේ දක්ෂතාවයන්, හැකියාවන් සහ රළ සමගින් ඇදී එන වේගය, ජවය, සමබරතාවය, රළ සමග පාවී යාම, නව ක්‍රමවේදයන් ඔස්සේ රළ තරණය සහ ප්‍රචණ්ඩ රළ හරහා ගමන් කිරීම ආදිය විනිෂ්චය සඳහා සැලකිල්ලට බදුන් විය.

-036


අදහස් (0)

ලක්ෂිත - නිකිටා සර්ෆිං ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.