Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රෝහිතගේ උරහිස පනී

රෝහිතගේ උරහිස පනී

යොහාන් භාසුර - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (26) පස්වරුවේ පැවැති තරගයේදී සී. එච්. පිලේ නායක රෝහිත රාජපක්‍ෂ අස්ථි පැනීමේ ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

පොලිස් පිලට එරෙහිව පැවැති මෙම තරගයේ 26 වැනි මිනිත්තුවේදී රෝහිත ක්‍රීඩාංගණයේ වැටීමෙන් වම් අතේ උරහිසේ අස්ථි පැනීමකට ලක්විය. දැඩි වේදනාවට පත්ව සිටි රෝහිතට ප්‍රථමාධාර දීමෙන් පසුව රෝහල්ගත කිරීමට සූදානම් විය.

මිනිත්තු 25 ක පමණ කාලයකට පසුව වෛද්‍යවරයකු ඔහුගේ අස්ථිය යථා තත්ත්වයට පත්කිරීමෙන් පසුව රෝහල්ගත කිරීමේ අදහස අතහැර දැමීය. රෝහිත විවේක කාලයේදී කණ්ඩායම සමඟ අසුන් ගත්තේය.

තරගයෙන් පසුව ඔහුව ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ගිය බව වාර්තා වේ.  

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (2)

රෝහිතගේ උරහිස පනී
  • athula Sunday, 26 January 2020 05:48 PM

    ඒ ගමන කවුරු ගුටි කාවිද දන්නේ නෑ.......

    Reply 0       0

    suresh Sunday, 26 January 2020 06:06 PM

    බැඳුම්කරේට ලඟින්ම අහුවෙලා කියලා මතක්වුනා...ටක් ගාලා උරහිස පැන්නා.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.