Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රොටැක්ස් මැක්ස් III අදියරේ ශූරයා එෂාන්

රොටැක්ස් මැක්ස් III අදියරේ ශූරයා එෂාන්

ශනුක අරවින්ද - 2017 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන ආසියානු කාර්ටින් ශූරතාවලියේ තෙවැනි අදියරේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ එෂාන් පීරිස් සමත් විය. මෙරට නැගී එන මෝටර් රථ ක්‍රීඩකයකු වන එෂාන් පීරිස් එම ශූරතාව දිනාගත්තේ එවන් දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකිකයා බවටද පත්වෙමිනි.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන එෂාන්, මැලේසියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ උපාධි අපේක්ෂකයකු වේ. ඔහු මැලේසියාවේ ආර්. එල්. කාර්ටින් කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගි විය.

එහිදි සිය ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එෂාන් කියා සිටියේ රොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන ආසියානු කාර්ටින් තරගාවලියේ තෙවැනි අදියරේදී තමා ලැබූ ජයග්‍රහණය ඉතාම විශ්මයජනක බවයි.

“ආර්. එල්. කාර්ටින් කණ්ඩායමෙන් සහ මගේ තාක්ෂණ ශිල්පී රිචර්ඞ් රාජ් වගේම මගේ කලමණාකරු ඒරන් ලිම් නොමැතිනම් මට මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒ වගේම හැම විටම මා දිරිමත් කළ මගේ දෙමව්පියන්ටත් මම මේ අවස්ථාවේදී ස්තූතිය පුද කර සිටිනවා.” යැයි එෂාන් පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ එෂාන් කියා සිටියේ තමාගේ මීලඟ බලාපොරොත්තුව 2017 වසරේ ආසියානු ශූරතාව දිනාගැනීම බවයි.

ලොව ප්‍රවීණ මෝටර් රථ ක්‍රීඩකයන් රැසක් සහභාගි වූ මෙම තරගාවලිය මැලේසියාවේ ‘එලයීට් ප්ලස් ස්පීඞ්වේ’ ධාවන පථයේදී පැවැත්විණ.


-036

 


අදහස් (0)

රොටැක්ස් මැක්ස් III අදියරේ ශූරයා එෂාන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.