Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක් වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 200 දිවීමේ ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට  රුමේෂිකා රත්නායක සමත් වූවාය.

තරගාවලියේ හයවැනි දිනය වන අද (10 වැනිදා) පැවති එම ඉසව්වේ මූලික වටයේ තරගයකදී තත්පර 23.43 ක කාලයක් වාර්තා කරමින් රුමේෂිකා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තාය.

මූලික වටයේ දෙවැනි තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූ රුමේෂිකා, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ තරගකාරියන් 16 දෙනා අතර 12 වැනි ස්ථානයේ පසුවන්නීය.

රුමේෂිකා සහභාගි වන පළමු අවසන් පූර්ව තරගය හෙට (11 වැනිදා) පැවැත්වීමට නියමිත අතර ඊට ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් සහභාගි වෙති.

- 036


අදහස් (0)

රුමේෂිකා මීටර් 200 අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.