Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රහ්මට්ගේ ශතකයෙන් ඇෆ්ඝනිස්තානය ඉදිරියට

රහ්මට්ගේ ශතකයෙන් ඇෆ්ඝනිස්තානය ඉදිරියට

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රහ්මට් ෂාගේ (102) ශතකයත්, අස්ඝර් ඇෆ්ඝන්ගේ (නොදැවී 88) අර්ධ ශතකයත් හේතුවෙන් සත්කාරක බංග්ලාදේශයට එරෙහිව චට්ටෝග්‍රාම්හිදී අද (5 වැනිදා) ආරම්භවූ එකම ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඇෆ්ඝනිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 271 ක් රැස්කිරීමට සමත්විය.

අස්ඝර් ඇෆ්ඝන් ලකුණු 88 ක් සහ අෆ්සාර් සසායි ලකුණු 35 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටින අතර හයවැනි කඩුල්ල සඳහා මේ වනවිට ලකුණු 74 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට ඔවුන් සමත්වූහ.

අද සිය මංගල ශතකය ලබාගත් රහ්මට් ෂා පන්දු 187 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 102 ක් රැස්කරමින් පළමු දිනයේ වැඩි ගෞරව ඇෆ්ඝනිස්තානයට ගෙන ඒමට සමත්විය.

අස්ඝර් ඇෆ්ඝන් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 120 ක සම්බන්ධතාවයක් ගොඩවැගීමට රහ්මට් ෂා සමතවිය.

දඟපන්දු යවන්නන්ගේ පාරාදීයක් වුවද පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගනිමින් ඇෆ්ඝනිස්තානු පිතිකරුවන් මෙල්ල කිරීමට බංග්ලාදේශ නායක සකීබ් අල් හසන් උත්සහ කළද එය නිෂ්ඵල කටයුත්තක් විය.

ටයිජුල් ඉස්ලාම් සහ නයීම් හසන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූ අතර මහමුදුල්ලාට එක් කඩුල්ලක් හිමිවිය.

ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 271
(ඉබ්‍රාහිම් සඩ්‍රාන් 21, රහ්මට් ෂා 102, අස්ඝර් ඇෆ්ඝන් නොදැවී 88, අෆ්සාර් සසායි නොදැවී 35, ටයිජුල් ඉස්ලාම් 73/2, නයීම් හසන් 43/2)


අදහස් (0)

රහ්මට්ගේ ශතකයෙන් ඇෆ්ඝනිස්තානය ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.