Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි ජාතික සංචිත දෙකක් නම්කරයි

රග්බි ජාතික සංචිත දෙකක් නම්කරයි

යොහාන් භාසුර - 2020 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව ඉදිරියේදී සහභාගි වීමට නියමිත ජාත්‍යන්තර රග්බි තරගාවලි ඉලක්ක කරමින් ජාතික සංචිත දෙකක් නම්කර තිබේ. 15 දෙනාගේ රග්බි සංචිතයට ක්‍රීඩකයෝ 49 ක් ද, සත් සාමාජික සංචිතයට ක්‍රීඩකයෝ 28 ක් ද ඇතුළත්ව සිටිති.

මෙම සංචිත දෙකටම දෙකටම ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ 16 දෙනෙකි.

බුද්ධිම පියරත්න, දන්ෂා දයාන්, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, තරින්ද රත්වත්ත, ඉරෝෂාන් සිල්වා, සචිත් සිල්වා, කලිඳු නන්දිල, දිනුක් අමරසිංහ, රීසා රෆයිඩීන්, ජනිඳු ඩිල්ෂාන්, කෙවින් ඩික්සන්, සුදාරක දික්කුඹුර, අදීෂ වීරතුංග, සුදම් සූරියආරච්චි සහ චතුර සෙනෙවිරත්න මෙම සංචිත දෙකම නියෝජනය කරති.

ආබාධයන්ට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන ශ්‍රීනාත් සූරියබණ්ඩාර සත් සාමාජික සංචිතයට නැවත කැඳවා තිබේ.

‘කොරෝනා’ අවදානම හේතුවෙන් පසුගිය මාර්තු මස 20 වැනිදා රට වසා දමන විට පැවැත්වෙමින් තිබූ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දස්කම් මත මෙම සංචිත තෝරාගෙන තිබේ. කොළඹ වෙස්ලි විදුහලේ සැමුවෙල් ඔග්බෙබෝ සත් සාමාජික සංචිතයට ඇතුළත්ව සිටින එකම පාසල් ක්‍රීඩකයාය. සැමුවෙල් ඔග්බෙබෝ කෙන්යානු සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි.
මෙම සංචිතවල පුහුණුවීම් ආරම්භ කරන දිනයක් මේ දක්වා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.


15 දෙනාගේ රග්බි - ශ්‍රී ලංකා (පිරිමි) සංචිතය:

චාල්ස් ප්‍රවීන්, ලසිත අත්තනගොඩ, යකෝබ් අලී, දමිත් දිසානායක, මොහොමඞ් ශබීර්, ජේසන් දිසානායක, තරිඳු චතුරංග, බුවනක උඩන්ගමුව, රොෂාන් වීරරත්න, නයිජල් රත්වත්ත, තරින්ද රත්වත්ත, බුද්ධිම පියරත්න, කවිඳු පෙරේරා, දන්ෂා දයාන් සහ ෂෙහාන් පතිරණ (මහනුවර ක්‍රීඩා සමාජය), චරණ චාමිකර, අෂ්මීර් ෆජුඩීන්, උමේෂ් මධුෂාන්, ශව්කට් ලාහිර්, දයාන් සබාර්, විමුක්ති රාහුල්, තීක්‍ෂණ දිසානායක සහ ෆියිෂා අබ්දුල්ලා (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය), ධනුෂ්ක එදිරිසූරිය, ළහිරු පවිත්‍ර, රසිත් සිල්වා, මොහාන් විමලරත්න, උදාර සූරියප්පෙරුම, වගීෂ වීරසිංහ, ඉරෝෂාන් සිල්වා සහ සචිත් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය), ඔමල්ක ගුණරත්න, රාහුල් ද සිල්වා, කලිඳු නන්දිල, දිනුක අමරසිංහ, රීසා රෆායිඩීන්, ජනිඳු ඩිල්ෂාන්, මුර්ෂීඞ් ෂුබයිර් සහ කෙවින් ඩික්සන් (සී. ආර්. ඇන්ඞ් එෆ්. සී.), දනුක විජේතිලක, සුදාරක දික්කුඹුර, චමීර සිල්වා, චමෝද් ප්‍රනාන්දු සහ අෂාන් බණ්ඩාර (යුද හමුදා ක්‍රීඩා සමාජය), අදීෂ වීරතුංග සහ චතුර සෙනෙවිරත්න (නාවික හමුදා ක්‍රීඩා සමාජය), ජේසන් මිල්ඩර් සහ සැමුවෙල් මධුවන්ත (සී. එච්. ඇන්ඞ් එෆ්. සී.) සහ ඉමේෂ් අපෝන්සු (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)


සත් සාමාජික රග්බි - ශ්‍රී ලංකා (පිරිමි) සංචිතය:
බුද්ධිම පියරත්න, දන්ෂා දයාන්, ජේසන් දිසානායක, කවිඳු පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර සහ තරින්ද රත්වත්ත (මහනුවර ක්‍රීඩා සමාජය), දිනුක් අමරසිංහ, ගැමුණු චේතිය, ජනිඳු ඩිල්ෂාන්, කෙවින් ඩික්සන්, රීසා රෆයිඩීන්, ඔමල්ක ගුණරත්න, තුලයිබ් හසීන්, සුයබිර් දොරෙයි සහ කලිඳු නන්දිල (සී. ආර්. ඇන්ඞ් එෆ්. සී.), සුදම් සූරියආරච්චි, වරුන් වීරකෝන්, තුවාන් වසීම් සහ හිනුෂ සම්පත් (සී. එච්. ඇන්ඞ් එෆ්. සී.), ඉරෝෂාන් සිල්වා සහ සචිත් සිල්වා (පොලිස් ක්‍රීඩා සමාජය), රවීන් ප්‍රනාන්දු සහ කාවින්ද කේෂාන් (හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය), අදීෂ වීරතුංග සහ චතුර සෙනෙවිරත්න (නාවික හමුදා ක්‍රීඩා සමාජය), සුදාරක දික්කුඹුර (යුද හමුදා ක්‍රීඩා සමාජය), රවිඳු හෙට්ටිආරච්චි (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය) සහ සැමුවෙල් ඔග්බෙබොර් (වෙස්ලි විදුහල)

 


අදහස් (0)

රග්බි ජාතික සංචිත දෙකක් නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.