Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මිලින්ද-සුරංග-වැන්ඩසේ-ජීවන් හැළෙති

මිලින්ද-සුරංග-වැන්ඩසේ-ජීවන් හැළෙති

editorial - 2019 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(යොහාන් භාසුර)

බංග්ලාදේශයට එරෙහිව මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඉවත්කර තිබේ. 

ලෝක කුසලාන තරගාවලියේ ස්ථානය අහිමිවීම පිළිබඳව දැඩි කථා බහට ලක්වූ පිට දඟ පන්දු යවන අකිල ධනංජය මෙම සංචිතයට ඇතුළත්ව සිටියි. කෙසේ වෙතත් හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට ඇතුළත්ව නැත. 

චන්දිමාල් ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ඉන්දිය සංචාරයෙන් ඉවත්ව සිටීම නිසා මෙම සංචිතයට ඇතුළත් කර නොමැති බව දැනගන්නට තිබේ. 

ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා ‘ඒ’ සහ නැඟීඑන කණ්ඩායම නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ රැසක් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති. නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ ලක්‍ෂාන් සඳකැන් නැවත එක්දින සංචිතයට කැඳවා තිබේ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය මේ මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
දිමුත් කරුණාරත්න (නායක), අවිශ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත, වනිඳු හසරංග, ලක්‍ෂාන් සඳකැන්, අකිල ධනංජය, නිරෝෂන් දික්වැල්ල, අමිල අපෝන්සු, ළහිරු මධුසංඛ, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක  

 


අදහස් (1)

මිලින්ද-සුරංග-වැන්ඩසේ-ජීවන් හැළෙති
  • Ratnamalala Friday, 19 July 2019 11:41 PM

    කුසල් මෙන්ඩිස්ට විවේකයක් දීලා ක්‍රීඩා සංගම් අතර ක්‍රීඩා කරලා දක්ෂතාවයන් දියුණු කරගන්න ඉඩ හැරියොත් තමයි වඩා හොඳ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.