Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මැතිව් අබේසිංහගෙන් තවත් රන් පදක්කම් 3 ක්

මැතිව් අබේසිංහගෙන් තවත් රන් පදක්කම් 3 ක්

editorial - 2019 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 
නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිනුම් ක්‍රීඩාවෙන් තවත් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (9 වැනිදා) සමත් වූහ.

අද දිනයේදී ශ්‍රී ලංකාවට හිමිවූ රන් පදක්කම් 3 ම තමන් සතුකර ගැනීමට පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ සමත් වූ අතර මීටර් 200 මිශ්‍ර ආර, මීටර් 100 නිදහස් ආර, මීටර 50 සමනල ආර යන ඉසව්ලදී ඔහු එම රන් පදක්කම් දිනා ගත්තේය.

මීටර් 400 මිශ්‍ර ආර කාන්තා සහාය පිහිනුම් ඉසව්වේදී සහ මීටර් 800 නිදහස් ආර පිරිමි සහාය පිහිනුම් ඉසව්වේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් හිමිවිය.

අද දිනයේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් හිමිවූ පිහිනුම් ඉසව් වූයේ මීටර 50 සමනල ආර කාන්තා ඉසව්ව, මීටර 50 සමනල ආර පිරිමි ඉසව්ව සහ මීටර 100 නිදහස් ආර පිරිමි ඉසව්වයි.


ඡායාරූපය - සමීර පීරිස්

-036

 


අදහස් (0)

මැතිව් අබේසිංහගෙන් තවත් රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.