Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංගට ලක්‍ෂ 291 ක ලංසුවක්

මාලිංගට ලක්‍ෂ 291 ක ලංසුවක්

editorial - 2019 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ පැවැත්වීමට නියමිත “හන්ඩ්‍රඞ්” ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලංසු මුදලක් නියමවූ ක්‍රිඩකයින් 6 දෙනා අතරට ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළත්ව ඇත. ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට නියමවී ඇති මුලික මුදල ස්ටර්ලිං පවුම් 125,000 ක් වන අතර ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 291 ක් පමණ වේ.

ලසිත් මාලිංගට අමතරව ඬේවිඞ් වෝනර් (ඕස්ටේ්‍රලියාව), ස්ටීවන් ස්මිත් (ඕස්ටේ්‍රලියාව), මිචෙල් ස්ටාක් (ඕස්ටේ්‍රලියාව), ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) ඉහළ ලංසු හිමිවූ ක්‍රිඩකයෝ වෙති.

මෙම “හන්ඩ්‍රඞ්” ක්‍රිකට් තරගාවලිය සඳහා අනුමැතිය හිමිවූයේ 2017 වසරේ එංගලන්ත-වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පැවැති ජන්ද විමසීමකින් අනතුරුවය. මෙම තරගාවලියට කණ්ඩායම් 8 ක් නගර 7 ක් නියෝජනය කරමින් තරග වැදීමට නියමිතව ඇත. මෙහි කාන්තා තරගාවලියක්ද පැවැත්වීමට නියමිතව ඇත.

සීමිත ඕවර ක්‍රිකට් තරග ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් මුහුණදෙන පන්දු සංඛ්‍යාව 100 කි. මෙහිදී ඕවර 20 තරගවලදී පැවැත්වෙන නිතීම ක්‍රියාත්මක වන අතර පළමු ඕවර 15 දී එක් ඕවරයකට පන්දු 6 ක් ඇතුළත් වන අතර අවසන් ඕවරයේදී පන්දු 10 ක් යැවිය යුතුය.

මෙම තරගාවලිය 2020 ජූලි 17 වැනිදා සිට අගෝස්තු 16 දක්වා පැවැත්වීමට තරග සංවිධායකයින් කටයුතු යොදා ඇත.

මෙම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 570 දෙනෙකු ලියාපදිංචි කර ඇති අතර ඉන් 239 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වන අතර 331 දෙනෙකු එංගලන්ත ක්‍රීඩකයෝ වෙති. එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර ඊට විදෙස් ක්‍රිඩකයින් තිදෙනෙකුද ඇතුළත් වේ.

“හන්ඩ්‍රඞ්” ක්‍රිකට් තරගාවලියේ සද(ර්)න් බ්‍රේව් කණ්ඩායම නියෝජනය කරමින් එහි ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දෙවරක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ශූරතාව හිමිකර දීමට මහේල ජයවර්ධන පුහුණුකරු ලෙස මහඟු සේවයක් ඉටු කළේය.
ඊට අමතරව 2015-16 තරග කාල සීමාවේදී කෙටි කාලයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයකු වශයෙන්ද කටයුතු කර ඇති මහේල ජයවර්ධන අත් දැකීම් බහුල ක්‍රීඩකයකු මෙන්ම පුහුණුකරුවකුද වෙයි.

තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සහ පුහුණුකරුවෝ

 

“හන්ඩ්‍රඞ්” ක්‍රිකට් තරගාවලිය සඳහා ලංසු ඉදිරිපත්වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ

විදෙස් ක්‍රීඩකයන් 239 දෙනා අතරේ සිටින අසේල ගුණරත්න, වනිඳු හසරංග, ළහිරු කුමාර, ජීවන් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, කසුන් රාජිත, රමිත් රඹුක්වැල්ල සහ උපුල් තරංග යන ක්‍රීඩකයින්ට ලංසු ඉදිරිපත්වී නොමැත.

...


අදහස් (0)

මාලිංගට ලක්‍ෂ 291 ක ලංසුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.