Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංග මාකස්ට පන්දු යැවීමේ රහස් කියාදෙයි

මාලිංග මාකස්ට පන්දු යැවීමේ රහස් කියාදෙයි

editorial - 2019 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මට ඕනෑ කළේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමා...කාටහරි මොනවාහරි දෙයක් ගැන දැගනන්න ඕන නම්, මම එයාට උදව් කරනවා..මඳ වේගී පන්දුව යවන්නේ කොහොමද, ඒක යොදාගන්නේ කොයි වගේ වෙලාවලදීද, මඳ වේගී පන්දුව යොදාගන්නේ ඇයි...? වගේ මේ කොයි දේත් කියා දෙන්න මා සූදානම්” 

ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති ලෝක කුසලාන පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා පිලට අත්වූයේ කඩුලු 5 ක දරුණු පරාජයකි. පන්දු 31 ක් ඉතිරිව තිබියදීම ඕස්ටේ්‍රලියානු පිතිකරුවෝ ජයටැඹ පසුකර ගියහ. 

කල්වේලා ඇතිවම තරගය නිමාවීමෙන් පසු දෙපිලම ආපසු සිය නවාතැන් කරා යද්දී ලසිත් මාලිංග සහ මාකස් ස්ටොයිනිස් දෙදෙනා පමණක් පිටියේ නතර වූහ. ඒ තවත් පන්දු කිහිපයක් යවමින් පුහුණුවීමේ නිරත වීමටය. 

ලසිත් මාලිංග බොහෝ අවස්ථාවන්හිදී කඩුලු දවාගැනීම සඳහා යොදාගන්නා, ඔහුගේ මඳ වේගී පන්දුව යවන ආකාරය ඕස්ටේ්‍රලියානු පිලේ වේග පන්දු යවන්නා වන මාකස් ස්ටොයිනිස්ට නිර්ලෝභීවම කියා දුන්නේය. පසුව එය යවන ආකාරයද ස්ටොයිනිස්ට පෙන්වීය. 

ශ්‍රී ලංකාවෙන් බිහිවූ වේගවත්ම පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටි ලසිත් මාලිංග පසුකළෙකදී සිය මඳ වේගී පන්දුව යොදාගත්තේ පිතිකරුවන් අන්ද මන්ද කරමින් කඩුලු දවාගැනීම සඳහාය. පසුගියදා පැවැති අයි.පී.එල්. තරගාවලියේ අවසන් ඕවරයේ අවසන් පන්දුව වූයේද එවැනි මඳ වේගී පන්දුවකි. 

මාලිංගගේ එම පන්දුවේ සුවිශේෂීතාව හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලට එරෙහිව පැවැති අවසන් මහ තරගයේ අවසන් පන්දුවේදී ශර්දුල් ඨාකූර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවදැවී ගියේය. තරගයේදී එක ලකුණක තියුණු ජයක් අත්කරගත් මුම්බායි ඉන්දියන් ක්‍රීඩකයෝ ලසිත් මාලිංගව කරේ තියාගෙන සිය ජයග්‍රහණය සැමරූහ. 

“මට ඕනෑ කළේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමා...යයි මඳ වේගී පන්දුව යැවීම පිළිබඳව මාකස් ස්ටොයිනිස්ට කියාදීමෙන් පසුව ලසිත් මාලිංග කීවේය. 

“සීමිත ඕවර තරග වලදී පන්දු යැවීමේ විවිධාංගීකරණය හරිම වැදගත්. අයි.පී.එල්. තරගාවලියේදී පවා එයාට (ස්ටොයිනිස්ට) ඕනෑ කළා මම මේ මඳවේගී පන්දුව යොදාගන්නා ආකාරය ගැන දැනගන්න” යයි මාලිංග තරගයෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට කීවේය. 

“මට ඕනෑ කළේ එයාට පොඩි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නයි. ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ ඒ ආකාරයෙන් තමා...කාටහරි මොනවාහරි දෙයක් ගැන දැගනන්න ඕන නම්, මම එයාට උදව් කරනවා..මඳ වේගී පන්දුව යවන්නේ කොහොමද, ඒක යොදාගන්නනේ කොයි වගේ වෙලාවලදීද, මඳ වේගී පන්දුව යොදාගන්නේ ඇයි...? වගේ මේ කොයි දේත් කියා දෙන්න මා සූදානම්” යයි ද මාලිංග කීවේය. 

මේ වන විට 35 වැනි වියේ සිටින මාලිංග එදා තරම් වේගයෙන් පන්දු නොයවයි. එහෙත් ඔහුගේ පන්දු යැවීමේ තිබෙන විවිධාංගීකරණය නිසා සීමිත ඕවර තරග වල අවසන් ඕවර කිහිපයේදී මුහුණදීමට ඉතාමත් අසීරු පන්දු යවන්නකු සේ මාලිංග සැලකෙයි. මාලිංග එම තත්ත්වය ළඟාකරගෙන ඇත්තේ පුහුණුවීම් අවසන් කිරීමෙන් අනතුරුව වැඩිපුර වෙහෙස වීමෙනි. පුහුණුවීම් වලදී ඉතාමත් වෙහෙස වී සිටින අවස්ථාවක, තවත් පන්දු 12 ක් හෝ 18 ක් යැවීමට මාලිංග පසුබට නොවෙයි. 

“පළමුවෙන්ම හැකියාව තියෙන්න ඕනේ. ඊට පස්සේ තරගයේ පවතින තත්ත්වය කොයි වගේද කියා තේරුම් ගන්න ඕනේ”
මාලිංගගේ මතය අනුව වර්තමාන තරග බිමේ සිටින තරුණ වේග පන්දු යවන්නන් අතුරින් කගීසෝ රබාඩා සහ ජස්ප්‍රීට් බුම්රා ඉතාමත් හොඳින් අවසන් ඕවර කිහිපයේදී පන්දු යැවීමේ යෙදෙති. මෙවර ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් වුවද මාලිංගගේ මතය තරමක් වෙනස් එකකි. 

“ක්‍රිකට් කියන්නේ පිතිකරුවන්ගේ ක්‍රීඩාවක්.....ඒත් පන්දු යවන්නන්ට මේ ක්‍රිඩාව වෙනස් කරන්න පුළුවන්” යයි මාලිංග කියයි

වීඩියෝව නැරඹීමට මෙතන ක්ලික් කරන්න

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රහයෙනි : සැකසුම - දමින්ද විජේසූරිය


අදහස් (0)

මාලිංග මාකස්ට පන්දු යැවීමේ රහස් කියාදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.