Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බොටාස්ගේ පෙරමුණට අභියෝගයක්

බොටාස්ගේ පෙරමුණට අභියෝගයක්

editorial - 2020 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග වාරයේ දෙවැනි ගෝන් ප්‍රී තරගය හෙට (12 වැනිදා) ඔස්ටි්‍රයාවේ ස්පිල්බර්ග් ධාවන පථයේදී පැවැත්වේ. එම ධාවන පථයේදීම ඉකුත් සති අන්තයේ පැවැති පළමු ගෝන් ප්‍රී තරගයෙන් ජය ලැබූ මර්සිඩීස් කණ්ඩායමේ වෙල්ටරි බොටාස්, දෙවැනි තරගයට පෙර ලකුණු 25 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගවාරයේ සියලුම ගෝන් ප්‍රී තරග ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වෙන අතර ඊට සහභාගිවන්නන්ද දැඩි සෞඛ්‍ය ක්‍රමවේද පිළිපැදිය යුතුය. මෙම තරගාවලිවය පැවැත්වීමෙන් අනතුරුව ස්පිල්බර්ග් ධාවන පථය, එකම තරග සමයක තරගාවලි දෙකක් පැවැති පළමු ධාවන පථය බවටද පත්වනු ඇත.

වට 71 කින් සමන්විත වූ පළමු තරගය නිමා කිරීම සඳහා බොටාස්ට පැය 1 යි, විනාඩි 30 යි තත්ත්පර 55.739 ක කාලයක් ගත විය. ඔහුට වඩා තත්පර 2.7 ක් පසුපසින් තරගය නිමා කළ ෆොරාරි කණ්ඩායමේ චාල්ස් ලෙස්ලර්ක් එහි දෙවැනි ස්ථානයටද, බෙටාස්ට වඩා තත්පර 5.491 ක් පසුපසින් තරගය නිමා කළ මැක්ලරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් තෙවැනි ස්ථානයටද පත්වූහ.

හෙට පැවැත්වෙන දෙවැනි තරගයට පෙර ඊට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා ඊයේ (10 වැනිදා) සහ අද (11 වැනිදා) පුහුණු අදියර 3 ක් පැවැති අතර සුදුසුකම් ලබාගැනීමේ අදියර (තරග ආරම්භක ස්ථාන සඳහා පැවැත්වෙන කාල ගණනය) අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ජූලි මස 19 වැනිදා හංගේරියානු ගෝන් ප්‍රී තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව පිළිවෙලින් එංගලන්තය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ බෙල්ජියම යන රටවලදී තවත් ගෝන් ප්‍රී තරග පැවැත්වේ.

බි්‍රතාන්‍ය ගෝන් ප්‍රී තරගාවලිය අගෝස්තු 2 සහ 9 යන දිනවල සිල්වර්ස්ටෝන් ධාවන පථයේදී පැවැත්වෙන අතර ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගාවලිය අගෝස්තු මස 16 වැන්දා බාසිලෝනාහිදී පැවැත්වේ. බෙල්ජියම් සහ ඉතාලි ගෝන් ප්‍රී තරගාවලින්හි පෙර යොදා තිබූ දිනයන් වෙනස් වී නොමැති අතර එම තරගාවලි පිළිවෙලින් අගෝස්තු මස 30 වැනිදා සහ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.  

ශූමාකර්ගේ ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව (91) සම කිරීම සඳහා තවත් ජයග්‍රහණ 7 ක් පසුපසින් සිටින ලුවිස් හැමිල්ටන් ඉකුත් සතියේදී පැවැති තරගයෙන් පරාජය වීම නිසා මෙම වසර තුළදී එම වාර්තාව සම කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු වී ඇතැයි විචාරකයෝ පවසති.  


-036


අදහස් (0)

බොටාස්ගේ පෙරමුණට අභියෝගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.