Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෙකම් ජයග්‍රහණයේ සිහින දකී

බෙකම් ජයග්‍රහණයේ සිහින දකී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජර්මනියේ සත්කාරකත්වයෙන් 2006 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට එංගලන්ත කණ්ඩායම ගෙන ඒමට නායකත්වය දුන් ඬේවිඞ් බෙකම්, මෙවර තරගාවලියේදීත් ලෝක කුසලානය ගැන සිහින මවමින් සිටී. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ආජන්ටිනාව අවසන් තරගයේදී එකිනෙකා හමුවෙන බව බෙකම් ප්‍රකාශ කර තිබේ.

“අවසන් තරගයේදී එංගලන්තයට එරෙහිව ආජන්ටිනාව ක්‍රීඩා කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මගේ තේරීමට අනුව මම හිතන්නනේ එංගලන්තය මෙවර ජයග්‍රහණය කරාවි”

චීනයේදී පැවති ප්‍රවර්ධන වැඩ සටහනකට එක් වෙමින් ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියද ඒ වන විට ආර්ජන්ටිනාව සහ ක්‍රෙඒෂියාව අතර තරගය පවත්වා තිබුණේ නැත. බ්‍රහස්පතින්දා රාත්‍රියේ ක්‍රෙඒෂියාවට එරෙහි තරගයේදී ආර්ජන්ටිනාව 3-0 ක පරාජයක් අත්වින්ඳේය.

“අපි පළමු තරගයම ජයග්‍රහණය කිරීම ගැන සතුටු වෙනවා. මෙවර එංගලන්ත කණ්ඩායම ඉතා තරුණ කණ්ඩායමක්. තවමත් ඔවුන්ට ලොකු පලපුරුද්දක් නැහැ. මෙවර තරගාවලියේ දක්ෂ කණ්ඩායම් ගණනාවක් සිටින නිසා ඉදිරියට පැමිණීම දැඩි අසීරු වේවි” යයිද බෙකම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය  සහභාගී වූ පළමු තරගයම ටියුනීසියාවට එරෙහිව ගෝල 2-1 කින් ජය ගැනීම නිසා අවසාන කණ්ඩායම් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ වැඩි වාසියක් පවතින බවද බෙකම් මහතා ප්‍රකාශ කරයි.

ඬේවිඞ් බෙකම්ගේ නායකත්වයෙන් යුතුව 2006 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තද, 2010 සහ 2014 ලෝක කුසලාන තරගාවලදී එංගලන්තයට එතරම් දක්ෂතා අතරට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීය. ලෝක කුසලාන තරගාවලි 15 කට සහභාගී වී ඇති එංගලන්තය අවසන් වරට පාපන්දු ලෝක කුසලාන දිනාගත්තේ 1966 වසරේදීය.

මෙවර තරගාවලිය ආරම්භයේදීම ප්‍රබලයන් රැසක්ම පසුබෑමට ලක්ව ඇති බවද ඔහු පවසා සිටියේය. ගියවර ශූරයන් මෙක්සිකෝව හමුවේ පරාජයට පත් වීමත් මෙසී ප්‍රමුඛ ආජන්ටිනාව අයිස්ලන්තයට එරෙහිව පැවති  තරගය ගෝල 1-1 ලෙස සමවීම නිසාත්  තරගාවලිය ආරම්භයේදීම ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් එල්ල කර ඇත.


- 024

 


අදහස් (0)

බෙකම් ජයග්‍රහණයේ සිහින දකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.