Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ ‘ඒ’ පිලට කඩුල්ලක තියුණු ජයක්

බංග්ලාදේශ ‘ඒ’ පිලට කඩුල්ලක තියුණු ජයක්

editorial - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට සංචාරක බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ‘ඒ’ ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී ආරම්භක පිතිකරු මොහොමඞ් නයීම් (68) සහ නායක මොහොමඞ් මිතුන් (52) අර්ධ ශතක ලබා ගනිමින් බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගනිමින්ද, අෂාන් ප්‍රියන්ජන්, චාමික කරුණාරත්න සහ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවාගනිමින්ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ නමුත් ඔවුන්ට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 226 ක් ලබාගත් අතර එහිදී කමිඳු මෙන්ඩිස් (61) සහ ප්‍රියමාල් පෙරේරා (52) අර්ධ ශතක ලබාගනිමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ශක්තිමක් කළහ.


ශ්‍රී ලංකා ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 226
(පැතුම් නිස්සංක 15, ළහිරු උදාර 23, කමිඳු මෙන්ඩිස් 61, ප්‍රියමාල් පෙරේරා 52, අෂේන් බණ්ඩාර 18, චාමික කරුණාරත්න නොදැවී 25, අබූ හයිඩර් 42/2, සුන්සමුල් ඉස්ලාම් 43/2, ඉබාදත් හොසේන් 46/2)

බංග්ලාදේශ ‘ඒ’ පිල - ඕවර 50 කදී කඩුලු 9 කට 227
(මොහොමඞ් නයීම් 68, නජ්මුල් හොසේන් 21, මොහොමඞ් මිතුන් 52, අෆීෆ් හොසේන් 24, නුරුල් හසන් 25, රමේෂ් මෙන්ඩිස් 40/3, අෂාන් ප්‍රියන්ජන් 29/2, චාමික කරුණාරත්න 35/2, ශිරාන් ප්‍රනාන්දු 38/2)  


-036

 


අදහස් (0)

බංග්ලාදේශ ‘ඒ’ පිලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.